IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සමාජ ආරක්ෂණ බද්දෙන් ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ

  •  බද්ද පැනවූයේ 2022 දී
  • 2022 ඔක්තෝබර් මුල සිට අත්සන් කළ සියලු කොන්ත්‍රාත් මේ බද්දට යටත්
  • වැට්වලට අමතරව සියයට 2.5ක අමතර බරක්
  • බද්ද ගෙවීමට පාරිභෝගිකයන් සූදානම් නෑ
  • බදු නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවට තර්ජන

ඉදිකිරීම් කර්මාන්තයට බලපා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එම කෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් වෙත දැඩි ලෙස බලපා අතැයි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා පවසයි. 
පැවැති රජය මගින් 2022 වසරේදී මෙම සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද පැනවීම සිදු විය. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය කරුණාරත්න මහතා, “පැහැදිලිවම 2022 ඔක්තෝබර් 01 වැනිදායින් පසුව අත්සන් කෙරුණු සියලු‍ම කොන්ත්‍රාත්තු මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වෙනවා. මේ හේතුවෙන් පාරිභෝගිකයාට සියයට 18ක වැට් බද්දට අමතරව තවත් බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ විදියට අමතර සියයට 2.5ක බද්දක් කොන්ත්‍රාත්කරුවාට ගෙවීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම අවාසනාවන්ත තත්වයක් බවට පත්වෙලා.” යනුවෙන් පවසා සිටියි. 
විශේෂයෙන්ම සිය ගනුදෙනුකරුවන් මෙම බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජය වෙත එම බද්ද ගෙවීමේදී තමන් අපහසුතාවට පත්ව තිබෙන බවත් කොන්ත්‍රාත්කරුවන් සඳහන් කරන බවත් ඔහු පෙන්වා දෙයි. 
“තරගකාරි ටෙන්ඩර් ක්‍රමවේද, අවම ආන්තික, අලාභ ඇතුළු කාරණා සමගින් මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවීමේ හැකියාවක් කොන්ත්‍රාත්කරුවන්ට නැහැ.” ආචාර්ය කරුණාරතන මහතා පවසයි.  
කෙසේ වෙතත්  ලංකා ඉදිකරීම්කරුවන්ගේ ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙන ආකාරයට, දේශීය  ආදායම්  දෙපාර්තමේන්තුව මගින් සමස්ත වැට් අගය වෙතම මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීමට කටයුතු කරයි. ඊට අමතරව අනෙකුත් සියලු‍ම බදු, දඩ මෙන්ම ඒවා නොගෙවන්නන්ට නීතිමය පියවර ගන්නා බවටත් තර්ජනය කරන බවත් සභාපතිවරයා පවසයි. 
ඒ අනුව ක්‍රමවත් උපදෙස් ලබා දෙන තෙක් මෙලෙස කොන්ත්‍රාත්කරුවන්ගෙන් මෙම බදු අය කරගැනීම නැවැත්වීම සඳහා උපදෙස් ලබාදෙන ලෙස එම ආායතනය ඊට අදාළ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. 



අදහස් (0)

සමාජ ආරක්ෂණ බද්දෙන් ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site