එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට නව සමාගම් 4ක් ඇතුළත් වී අතර තවත් සමාගම් 4ක් ඉන් ඉවත් වී තිබේ.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට එක්වී තිබෙන නව සමාගම් හතර වන්නේ එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී, එච්.එන්.බී. ඇෂුවරන්ස් පී.එල්.සී, ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී සහ මෙල්ස්ටාස්කෝප් පී.එල්.සී යන සමාගම්ය.
මේ අනුව සිලෝන් ටුබැකෝ කම්පැනි පී.එල්.සී, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පී.එල්.සී, රිචඞ් පීරිස් ඇන්ඞ් කම්පැනි පී.එල්.සී සහ ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පී.එල්.සී යන සමාගම් හතර දර්ශකයෙන් ඉවත් වී තිබේ.
‘එස් ඇන්ඩ් පී ඩොව් ජෝන්ස් ඉන්ඩිසස්’ දර්ශකයට අනුව මේ වසරේ පළමු අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයේ ඉහත වෙනස්කම් කළ බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
මෙම සංශෝධනවලට අනුව එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාළ සමාගම්වල ලැයිස්තු ගත වී ඇති නිෂ්ඡන්ද කොටස් ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගත කරන බව ද කොළඹ කොටස් හුවමාරුව කියයි.
මෙම වෙනස්කම් ජූනි මස 24 වැනිදා සිට බලපැවැත්වෙන බව ද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
මේ අනුව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකයට අන්තර්ගත වීම සඳහා එක් සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500 ක චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්ධනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුළ එක මසකදී අවම වශයෙන් දින 10ක දී ගනුදෙනු වී තිබීම හා එම දිනියට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.
ඇක්සෙස් ඉන්ජිනියරින්, එයිට්කන් ස්පෙන්ස්, චෙව්රොන් ලුබ්රිකන්ට්ස්, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ඩයලොග් ආසියාටා, එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස්, හැටන් නැෂනල්, එච්.එන්.බී. ඇෂුවරන්ස්, ජනශක්ති ඉන්ෂුවරන්ස්, ජෝන් කීල්ස්, ලංකා අයි.ඕ.සී, මෙල්ස්ටාස්කෝප්, නැෂනල් ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස්, සම්පත් බැංකුව, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ටිජේ ලංකා සහ යූනියන් බැංකුව යන සමාගම් එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා දර්ශකයට ජූනි මස 24 වැනිදා සිට අදාළ වන කොටස් සමූහ වේ.
(055)
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සමාගම් 4 ක් 20 දර්ශකයට එක්වෙයි