ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 6.24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙය පසුගිය අගෝස්තු මාසය අවසානයේ දී ඩොලර් බිලියන 6.17ක් වූ මෙරට සංචිත හා සැසඳීමේ දී සියයට 1.1 ක වර්ධනයකි.
මෙම නිල සංචිත වත්කම්වල ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමේ ලැබීම්ද අන්තර්ගතය. එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd