සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි තහවුරු වේ.
ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ ආර්ථික වර්ධනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින ඉහළ පිළිගැනීමක් සහිත ස්වාධීන ආයතනයකි. වසරක් පාසා ඔවුන් පවත්වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ එම උළෙලේ විසි වැනි සංවත්සරය සමරමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට ළඟා වූ ආයතන රැසක් අතරින් තෝරා ගත් විශිෂ්ටම ආයතන සඳහා එහිදී සම්මාන පිරිනමන ලදී.
2003දී යතුරුපැදි ආනයනය කරමින් සිය ව්‍යාපාර කටයුතු ඇරැඹූ සෙනාරෝ මෝටර් සමාගම වර්තමානයේදී දේශීයව යතුරුපැදි එකලස් හා නිෂ්පාදනය කිරීම දක්වා සිය ව්‍යාපාර පුළුල් කර ඇත. ශ්‍රී ලංකා රජයෙන් නිෂ්පාදන සහ එකලස් කිරීමේ බලපත්‍රයක් ලැබීම ඔවුන්ගේ සුවිශේෂ ජයග්‍රහණයකි. මේ වන විට එම සමාගම කර්මාන්ත අමාත්‍යංශය හඳුන්වා දී ඇති සම්මත මෙහෙයුම් පටිපාටියට අනුගත වෙමින් යතුරුපැදි නිෂ්පාදනය සහ එකලස් කිරීම සිදු කරයි. සෙනාරෝ මෝටර් සමාගම දේශීයව එකලස් කළ පළමු යතුරුපැදිය වන Senaro GN 125 ඉතා කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබමින් දේශීය වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන යතුරුපැදි මාදිලිය බවට පත් විය. සියයට 100ක්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වන සෙනාරෝ ජාත්‍යන්තර සන්නාම සමඟ කරට කර සටන් කරමින් ඉතා වේගවත් අලෙවියක් පෙන්නුම් කර තිබේ. මෑතකදී වෙළෙඳපොළට නිකුත් වූ ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන Click 150 ස්කූටරයට ඇත්තේ විශාල ඉල්ලුමකි.
අවම වශයෙන් සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව එකලස් හා නිෂ්පාදන කටයුතු සිදු කරන සෙනාරෝ මෝටර් සමාගම සෘජු සහ වක්‍ර රැකියා රැසක් වර්තමානය වන විට නිර්මාණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෙනාරෝ මෝටර් සමාගමට ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය