(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් හානි සිදු වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල් දෙකට ජාතික රක්ෂණ භාර අරමුදලින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබාදුන් බව එම අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි යන හෝටල් දෙක ත්‍රස්තවාදී උවදුරු රක්ෂණාවරණය ලබාගෙන තිබූ බැවින් හානිය සම්පූර්ණයෙන් ඇස්තමේන්තු කරන තෙක් අත්තිකාරමක් ලෙස එම මුදල ලබාදුන් බව ද මංජුල ද සිල්වා මහතා කීවේය.
හෝටල් දෙකට සිදු වූ සම්පූර්ණ හානිය ගණනය කිරීම සඳහා ස්වාධීන තක්සේරුකරුවකු පත් කර ඇතැයි ද හෙතෙම පැවැසීය. එහි වාර්තාව සතියකින් ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් හානි සිදු වූ ෂැංග්‍රිලා හෝටලය ජාත්‍යන්තර සමාගමක් වන බැවින් සෘජුවම ගෝලීය රක්ෂණ ඔප්පු යටතේ ආවරණය වනු ඇතැයි ද මංජුල ද සිල්වා මහතා කීවේය. එම හෝටලයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා ද විදෙස් තක්සේරුකරුවකු පැමිණෙන බව ද ඔහු තවදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිනමන් ග්‍රෑන්ඞ් - කිංග්ස්බරි හෝටල් දෙකට ලක්ෂ 500ක රක්ෂණ මුදලක්