(රංජන් කස්තුරි )
ශ්‍රී ලංකා මහබැංකුව මඟින් බලපත්‍රය අවලංගු කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
ශ්රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙහි රෙගුලාසි අනුව එම මුදල් ගෙවන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේවට සල්ලි දාන එක මෝඩ වැඩක්
පසුගිය අවුරුදු 8ක පමණ කාලයක සිට තිබුණු මූල්‍ය අර්බුදයක් තමයි. රත්තරන් ගොඩනැගිල්ලෙත් මේ වගේම මුදල් අර්බුදලු...
අපි දුක් මහන්සිවෙලා හම්බකරපු සල්ලි ආරක්ෂා කර දෙන්න රජයේ සහ මහා බැංකුවේ නොහැකියාව නිසා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිටම තමයි. මේවා සහගහන අපරාධ... මේවට වෙනම උසාවි පිහිටුවලා උපරිම දඬුවම් මූල්‍ය ආයතනයේ මෙන්ම රජයේ සහ මහා බැංකුවේ නිලධාරීන්ටද දිය යුතු අතර අනිවාර්යයෙන්ම තැන්පතු කරුවන්ට මුළු මුදලම ගෙවිය යුතුවේ.
කතාවට 100% එකඟවන අතර, නමුත් දඬුවම් ලැබුණේ තැන්පතුකරුවන්ට මේක තමයි යහපාලනය සහ රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵල..
අපේ මුදල් වලට මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතුයි. මේ මුදල් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කළු සල්ලි නොවෙයි.
සමහරක් දක්වපු ප්‍රතිචාර දැක්කම පුදුම වෙන්න දෙයක් නොවේ. මේ ලංකාවනේ මිනිස්සු මුදල් ආයෝජනය කරන්නේ තමුන්ට වැඩි මුදලක් ලබා ගන්න මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මෙම මූල්‍ය ආයතනය මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි නොවූ එකක් නම් පමණි, නමුත් මෙය 1950 පමණ සිට මූල්‍ය කටයුතු වල යෙදුන මූල්‍ය ආයතනයක් එම නිසා මහා බැංකුව ඇතුළු මුදල් අමාත්‍යංශයට වගකීමක් තිබෙනවා තැන්පත් කරුවන් ගැන.