අන්තර්ජාතික සීනි සංවිධානයේ අසූ හත් වැනි සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව එක් වෙයි.
ශ්‍රී ලංකාව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකි.
වසරකට සාමාන්‍යයෙන් ටොන් 605000ක් ආනයනය කරයි.
ඉන් වැඩි ප්‍රමාණයක් සුදු සීනිය.
2012 දී ශ්‍රී ලංකාව සුදු සීනි අපනයනයෙන් ලොව හය වැනි අපනයන කරුවා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි ඇමතිතුමාට මේ ටිකේ හරියට කූඹින්ගෙන් කරදර ඇති නේද? (නි)
ලංකාවේ සීනි කර්මාන්තයට අවුරුදු 53 යි. එහෙත් තවම මෙහෙ හදන්නේ 5% ක් විතරයි. (නි)
සාදු සාදු ....! (නි)
දැන් කාටද පිස්සු. අපනයනය කරන්න සීනි තියනවා නම් මොන එහෙකටද පිටරට වලින් ආනයනය කරන්නේ. (ස)
මෙතරම් වතුර තියන රටක අපිට සීනි ටිකක් හදාගන්න බැහැනේ. කෝ මේ සීනි ඇමති ? (ස)
මොනවා කිව්වත් සීනි එපා සීනි කියන්නේ මාර කේස් ගොඩක් (නදී)
මොන වාර්තා තිබ්බත් අපි තවම එක තැන්නේ. කවදාද නැගිටින්නේ?
ඇත්තටම ආනයනකරුද? අපනයනකරුද? (නි)
මොනවද මේ ලියල තියෙන්නේ අනයනයලු අපනයනයලු මේක ලියන්න කලින් හොදට හිතන්න (දිල්)
කෝ සිනී උප ඇමතියෙක් නැතිදෝ අමතක උනාද (දිල්)
දියවැඩියා සංවිධානයේ තැනත් ළගදීම බලාපොරොත්තු වන්න පුළුවන් (නි)
සමහර අය සරල දේ සංකීර්ණව හිතනවා.සංකිර්ණව තියන දේ සරලව මග අරිනවා. (දිල්)
බුදු අම්මෝ !... සීනි සීනි බලාගෙන ඇමති තුමා ,දියවැඩියාව ...පව් ඇමති තුමා.(නදී)
දැන් අලුත් වරායට සීනි රැගෙන විශාල නැව්වලට පැමිණිය හැකිය.හදිසි අවස්ථා වලදී ගුවන් මගින් මත්තලට ගෙන්විය හැකිය.මෙම නිසා රටේ සීනි නිශ්පාදනය කිරීමට අවශ්‍යතාවයක් නැත (නි)
2012 දී අපනයනයේ 6 වන ස්ථානයේ හිටියා නම් මොකටද වසරකට ටොන් 60,5000 ක් ආනයනය කරන්නේ?ලංකාවේ දැනට සීනි කම්හල් කීයක් තිබෙනවද? සීනිවලට ඇමති කෙනෙක් ඉන්නවා වගේම උක් ගස්වලටත් ඇමති කෙනෙක් දැම්මා නම් හොදයි. ඊට පස්සේ පුළුවන් දියවැඩියාවට කෙනෙක්ව පත් කරන්නත්. අන්තිමට පත් කරමු ලැජ්ජාවට අයිති අමත්‍යංශයකුත් ඇමති කෙනෙකුත්. ඇයි ලංකාවේ දේශපාලකයෝ කරන දේවල් ආරංචි වෙනකොට විදේශිකයන් බලනකොට අපිට ලජ්ජා වෙන්න වෙලාවක් නැහැ. අයිතියකුත් නැහැ.(නදී)
ලංකාවේ දියවැඩියා ප්‍රතිශතය ද අනුරූපව වැඩි වී ඇත්ද කියා බලන්න.එසේ වැඩි වී ඇත්නම් අපේම මුත්‍ර වලින් සීනි නිස්සාරණය කර නැවත භාවිතා කල හැක.මෙමඟින් දියවැඩියා රෝගීන්ට අමතර ආදායමක් ද සැලසිය හැක. (ස)
ඒ අනුව 2012 දී ලංකාව 6 වැනි අපනයනකරුවාය. දැන් ප්‍රධාන ආනයනකරුවෙකි. ඒ අපේ රටේ ආශ්චර්යයි. අනාගතයේදී දියවැඩියාව අතිනුත් අපට ලෝකයේ උසස් තැනක් ලැබේවි. (නි)
රට වටකර මහා මුහුදයි. එහි සම්පත් ආකරයයි. ලුණු - ටින් මාළු රටින් ගේනවා (අ)
කුමාරගේ ප්‍රශ්නේ මටත් තියෙනවා අපනයන ආනයන පිස්සුද (දිල්)
අරාබි රටවල් වල තෙල් තියනවා එනිසා එම රටවල තෙල් ගණන් අඩුයි.ලංකාවේ ගොඩක් දේවල් තියෙනවා නමුත් හැම එකකම ගණන් වැඩි .මොකද ''පප්පා'' ඒ .(දිල්)
වැඩි අළෙවිය මොන පැත්තෙන්ද? (නි)
අහෝ අපේ රටේ සීනි මෙච්චර සීන ක්ඩද? නෑ හලෝ පෙරන්න. පෙරලා බීලා ප්‍රශ්න අමතක කරන්න.(නදී)
අනේ කුහුඹියන්නේ තොපටත් රජෙක් ඉන්නේ. අපට නම් අැමතියෙකුත් ඉන්නේ. කරදර නම් නොකරන්නේ. (නි)
මේ නිසා වෙන්න ඇති සීනි ෆැක්ටරි ඇගේම තියෙන දියවැඩියා කාරයෝ මේ රටේ බහුලව ඉන්නේ. (ස)
ලංකාව සිනි ආනයන කරුද අපනයන කරුද?(නදී)
සිනි රසවත් දෙයකි, ප්‍රති අපනයනයත් නරක නැහැ . වෙන මොනා කියන්නද ? (නදී)
ඒක හොදයි. නමුත් මුදල් කෝ? (නදී)
මොකද්ද මේකෙන් අපට ලැබෙන වාසිය. අපි කරන්නේ ආනයනය පමණක් නම්, අපට ඩිස්කවුන්ට් එකක්වත් ලැබෙනවද? (නි)
අන්න හරි. මේකටත් අන්තර්ජාතික සීනි ඇමති කියලා කෙනෙක් ඉක්මනින්ම පත් කරමු. (නි)
අරක්කු මිල වැඩිකිරීමට සාපේක්ෂව සීනි අවශ්‍යතාවය ඉහළ යනවා. මොකද දන්නවද? අර සුදුවා පෙරන්න සීනි වුවමනාම නිසා. (නි)
සීනි ඇමතිතුමාගේ තවත් නිහඩ සේවයක්ද මේ? (නි)
බිව්වම ගඳයි, ශරීරයට අගුණයි, මොනවට බොනවද, මතට තිත හොදයි (නි)
පුවත පැහැදිලි මදි. ලංකාව අපනයනයෙන් 6 ස්ථානය නම් මොකටද ආනයනය කරන්නේ.කාටද පිස්සු.(නදී)
සීනි ඇමැති නිසා ළගදීම ආනායනය නැතිවී අපනයනය වැඩි වෙනවා, එය නැවැත්වීමට යෙදු අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් ද මේ. එහෙම නොවේ නම් අනිවාර්යයෙන් අපි සීනි කනවා (නි)
සීනි සහ දියවැඩියාව අතර තිබෙන සම්බන්ධය කුමක් ද? (ත)
දියවැඩියාකාරයෝ,ඔල්මොරොන්දම්කාරයෝ,පන්දම්කාරයන්ගේ ස්ථානයෙනුත් අංක 1 ලංකාවට. (නි)
මුළු ලෝකෙන්ම සිනි ඇමති කෙනෙක් ඉන්න එකම රට ලංකාව, මොන තරම් ආඩම්බරද (නි)
සීනි කියන්නේ මිනිසා විහින් සාදාගත් වස වර්ගයකි. මිනිහා එයට ඇබ්බැහි වේ. දිනකට උපරිමය ග්‍රෑම් 30 කි. ඒ නිසා පාවිච්චිය අඩුකරන්න. (නි)
සිනි විතරක් නෙවෙයි ලුණු වලිනුත් 75% වැනි ප්‍රමාණයක් අපි ආනයනය ක ර න වා.(නදී)
සීනිනම් දැන් දැන් මගේ ලේ වලත් වැඩියි..සීනි වැඩියෙන්ම බොන රටක් ලංකාව, දියවැඩියාව ට කියාපු මග. (නදී)
ආනයනකරුද? අපනයනකරුද?මොකක්ද අපි කරන්නේ? (නි)
මමනම් අසා නැහැ ලංකාව සීනි අපනයනයකරනබව මම වැරදි පාසලකට වත් ගියද ? අනේ මන්ද, මම අනුරපුරේ මාමා ගමේ දුප්පත් ඉස්කෝලේ තමයි අකුරුකෙරුවේ ආයුබෝවන් (අ)
මට තේරුන විදියට 2012 අපනයන යෙන් හයවෙනි තැන දැන් ශ්‍රී ලංකාව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකි කොහොමද වැඩ ජයවේව
කැරට් සංවිධානයේ ලංකාව කී වෙනි තැනද ඉන්නේ? (නි)
කිතුල් , පොල්, තල් හකුරු , පැණි... දේශීය වශයෙන් නිෂ්පාදනයට අත නොදී , ඇඟේ සීනි වැඩිකර විදේශ විනිමය වැය කරමින් රෝගීන් කරන ලෝකයේ 87 වෙනියා වීම ලොකු ආඩම්බරයක්.ඔය කියන උපදේශක වරුන්ගේ යෝජනා රට වෙනුවෙන් යොමු කරන්නේ නැත්තේ ...ඇයි ?.... අහෝ..දුකකි...අනිච්චා වත .සංඛාරා !!! (අ)