IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ස්ථාවර තැන්පතු පොලිය 1 වැනිදා සිට නැවත අඩු කරයි

(රංජන් කස්තුරි)

බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත අඩුකර තිබේ.

ඒ අනුව එම මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී අනුපාතය 10.5% දක්වා අඩුකර තිබේ.

ඇතැම් මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 10% පමණ දක්වා ද අඩුකර තිබේ.

මීට අමතරව මූල්‍ය සමාගම් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා ගෙවන පොලී අනුපාතය ද 7.5% සිට 7% දක්වා පහත දමා ඇත.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පොලී අනුපත හතර වතාවක් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.

රාජ්‍ය බැංකුවල පොලී අනුපාත තීරණය කිරිමේදී මහබැංකුව විශේෂ නියමන් නිකුත් නොකරන අතර එම බැංකු මගින් ඒ ඒ පොලී අනුපාත තීරණය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (10)

ස්ථාවර තැන්පතු පොලිය 1 වැනිදා සිට නැවත අඩු කරයි

jothi Wednesday, 09 October 2019 09:13 AM

රජයේ ණය පොළී අඩුකර ගැනීමට කළ දෙයක්.

:       30       40

l.g.gnanadsa Thursday, 10 October 2019 01:57 AM

එය පොලියෙන් ජීවත් වන අයට ප්‍රශ්නයකි

:       2       121

janith Thursday, 10 October 2019 03:23 AM

මේ රටේ කොච්චර පිරිසක් බැංකු පොලියෙන් ජීවත් වෙනවද ? ණය ගන්නේ කොහොමත් ගෙවන්න පුළුවන් නිසානේ. ඉතින් බැංකු පොලිය මෙහෙම අඩුකලාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? බැංකු පොලියෙන් ජීවත් වෙන හැමෝටම ව්‍යාපාර වල ආයෝජනය කල හැකිද ? මේ ගොල්ලන්ට මේ සැරේ නම් ඡන්දෙ හම්බවෙන්නේ නෑ .

:       75       376

Pali Thursday, 10 October 2019 11:50 AM

ණය පොලිය කවදාවත් අඩුකරන්නේ නැහැ. නියම සාධාරණය, කොටි ගහල මදි...

:       0       151

de silva Sunday, 13 October 2019 03:27 AM

ජනිත්, හැමෝම රැකියාවක්, ව්‍යාපාරයක් නොකර බැංකුවල සල්ලි දමාගෙන ඒ පොළියෙන් ජිවත් වෙන්න ගියොත් රටක් දියුණු වෙන්නේ කොහොමද ? රටක ආර්ථිකය වර්ධනය වෙන්න ඕනේ නම් රටේ ජනතාව අතර මුදල් සංසරණය වෙන්න ඕනේ.එතකොට රජයට ලැබෙන වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි විවධ ආකාරයේ බදු නිසා රජයේ බදු ආදායම වැඩි වෙනවා.ඒ මුදල් රටේ සංවර්ධනය සදහා ආයෝජනය කරන්න පුලුවන්. එවිට රටේ රැකියා අවස්ථා වැඩි වෙනවා.

:       161       72

janithMonday, 14 October 2019 12:03 PM

සිල්වා, හුගක්‌ මිනිස්සු අවුරුදු 30-35 ක් පෞද්ගලික ආයතන වල දහදුක් විඳලා EPF සල්ලි බැංකු වල දාල පොලියෙන් ජීවත් වෙන්නේ. හුඟක් අයට වයස අවුරුදු 60 ට වැඩියි . ඔයා ඒ ගොල්ලන්ටද කියන්නේ ආයේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන්න කියලා ? රජයට ලැබෙන වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු වලින් දේශපාලකයෝ කෝටි 7- 8 වාහන අරන් නාස්ති කරන ඒවා ඔයා අනුමත කරනවද?

:       0       113

tru lankanTuesday, 15 October 2019 06:43 AM

සරලවම කිව්වොත් ඔයාගේ සල්ලි ඔයාට අයිති නැහැ

:       2       0

true lankanTuesday, 15 October 2019 06:50 AM

අවුරුදු 60 කියන්නේ ලංකාවට හෙන වයසි. නමුත් දියුණු රටවලට එක ගානක් නැහැ. මෙහෙ 45/ 50 පැන්න ගමන් හිතන්නෙ ගෙදරට ෙවලා නිකන් ඉන්න . රටවල් දියුණු වෙන්නෙ නැහැ එහෙම. අවුරුදු 60 පැනපු කීදෙනෙක් ව්‍යාපාර පටන් අරන් තියෙනවද​?

:       15       5

de silva Sunday, 13 October 2019 07:13 AM

ව්‍යාපාරයක්, රැකියාවක් මුකුත්ම නොකර නිකන් ඉඳන් කන්න බලාගෙන ඉන්න කාලකන්නි ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ.

:       87       44

de silva Monday, 14 October 2019 07:01 PM

ජනිත් මහත්මය අවරුදු 60 ට වැඩි වැඩිහිටි පුරවැසියන් ගේ රුපියල් ලක්ෂ 15 සීමාවක් ඇතුව ස්ථාවර තැන්පතු සදහා වැඩි පොලියක් දෙන ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙනවා, එමනිසා ඔබතුම සදහන් කරන වැඩිහිටි විශ්‍රාමිකයන්ට මෙතන අගතියක් සිදු වෙන්නේ නැහැ , ව්‍යාපාර සහ නිවාස ණයවලට අයකරන පොලිය අඩු නොකලොත් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර වැඩි දියුණු කරන්න සහ අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න මැලි වෙනවා, මිනිස්සු ණය අරගෙන නිවාස හදන එක නවත්වාවී එහෙම වුනොත් ආර්ථික වර්ධනය කොහොමත් පහත වැටෙනවා, ණය ඉල්ලුම අඩුවන විට ස්ථිර තැන්පතු වලට ගෙවන පොලිය අඩු කිරීමට බැංකු වලට අනිවාර්යයෙන් සිදු වෙනවා, ලැබෙන බදු දේශපාලකයන් විනාශ කරන එක මම කොහොමත් අනුමත කරන්නේ නැහැ, නමුත් එක වෙනත් ප්‍රශ්නයක් රටක දියුණුවට සහ රටක රැකියා අවස්ථා ඇති වෙන්න ජනතාව අතර අනිවාර්යයෙන්ම මුදල් සංසරණය වෙන්න ඕනේ .

:       2       22

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site