(රංජන් කස්තුරි)
දේශීය ටින්මාළු කර්මාන්ත ශාලාවලින් සතොස ආයතනය මිලදී ගන්නා ටින්මාළු සඳහා රුපියල් 20ක අමතර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
දේශීය කර්මාන්ත ශාලාවලින් සතොස මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකක් මෙතෙක් රුපියල් 140 කට මිලදී ගත් අතර වහාම ක්‍රියාත්මක වන පරිදී ඒ සඳහා රුපියල් 160 ගෙවීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුව ඉකුත්දා රැස්වී මෙම තීරණය ගෙන තිබෙන අතර දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකකට මින් ඉදිරියට රුපියල් 160 බැගින් ගෙන්වන්නැයි ද ජීවන වියදම් කමිටුව සතොස ආයතනයට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව විදිහකින් ඔය කියන්නේ ටින්මාළු මිල රුපියල් විස්සකින් වැඩිවුනා කියලනේ. කොහොමද අපිව ගොනාට අන්දන හැටි. පණුවෝ ඉන්නවා කියලා පාවිච්චිය ටික දවසකට නැවැත්තුවා දැන් මිල වැඩිවුණා. මොකද රු 20කට වැඩිය දීලා අරගෙන ජනතාවට පරණ මිලටම දෙන්නේ සතොසට දුකසේ ඉන්නයැ?
ජීවන වියදම් කමිටුවට දැනිලා තිබෙන්නේ නිෂ්පාදකයාගේ ජීවන වියදම් බර නැතුව ජනතාවගේ ජීවන වියදම් බර නොවෙයි. බස් ගාස්තුවටත් එහෙමනේ වුනේ. බස් කාරයින් ඉල්ලුවාටත් වැඩිය දුන්නා. අනේද කියන්නේ?