IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සණස ලයිෆ් “සෙනෙහසේ පහේ හපන්නු” සම්මන්ත්‍රණ මාලාව අරඹයි


මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම දියත් කරන වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂ කඩ ඉමක් සටහන් කරමින් පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කරන ලදී. සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු නමින් ක්‍රියාත්මක මෙම සම්මන්ත්‍රණ මාලාව ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇරැඹුණු අතර, මෙය දිවයින පුරා පැවැත්වීම සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අරමුණයි. 

ශ්‍රී ලාංකේය ජනතාව බල ගැන්වීමට විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂ අවධානයක් යොමු කරයි. එහිදී සණස ලයිෆ් රක්ෂණ සමාගම අනාගත පරපුර බල ගැන්වීමේ අරමුණෙන් ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වේ. 

“සණස ලයිෆ් රක්ෂණ සමාගම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ හරහා නැණවත් අනාගත පරපුරක් ශ්‍රී ලාංකේය ජාතියට දායාද කිරීම අපගේ අරමුණයි. සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු සම්මන්ත්‍රණ මාලාව ග්‍රාමීය ප්‍රදේශවලට මූලික අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.” සණස ලයිෆ් අලෙවි ප්‍රධානී මහේෂ් වික්‍රමතුංග මහතා පැවසීය.



අදහස් (0)

සණස ලයිෆ් “සෙනෙහසේ පහේ හපන්නු” සම්මන්ත්‍රණ මාලාව අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site