IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සල් පවත්වලා

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල, මහනුවර, දඹුල්ල, කුරුණෑගල, කුලියාපිටිය, වෙන්නප්පුව, නිකවැරටිය, පොල්පිතිගම, පොළොන්නරුව, පිළිමතලාව, වාරියපොළ, කඩුවෙල, ගම්පහ, හෝමාගම, හොරණ, පානදුර, කළුතර, මාතර, ඇඹිලිපිටිය, වලස්මුල්ල, අම්බලන්තොට, සූරියවැව, බදුල්ල, රුවන්වැල්ල සහ කැකිරාව යන ප්‍රදේශවල සහ කොළඹ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු දන්සැල්වලට විශාල පිරිසක් සහභාගී වූහ. එම ශාඛාවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් එම දන්සැල් පැවැත්විණි. 

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30ක ඉතිහාසයක් සහිත සණස රක්ෂණ සමාගම් සමූහයේ සාමාජිකයකු ලෙස 2019 වසරේදී ආරම්භ වූ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භයේ සිට මේ දක්වා වේගවත් වර්ධනයක් ලබා තිබේ. පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික සහ නව්‍ය රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වා දී ඇති එම සමාගම සෑම විටම පාරිභෝගික සහ කාලීන අවශ්‍යතා ප්‍රමුඛ කර සලකයි. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට යමින් නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් මැනවින් ඉටු කරමින් සමාජ සුභ සාධන ව්‍යාපෘතිවල නිරත වේ. පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ මෙම දන්සැල් මාලාව එහි තවත් පියවරකි. මෙවැනි ව්‍යාපෘති තුළින් ප්‍රජා යහපත තහවුරු කිරීම සහ ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට යමින් ජනතාව සමඟ සම්බන්ධ වීම සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.



අදහස් (0)

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සල් පවත්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site