භානුක අමරසිංහ
ලොව ජනප්‍රිය චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සම්පාදන සමාගමක් වන ස්ටාර්ලින්ක් සේවාවේ මෙරට නිල බෙදාහරින්නා ලෙස සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිංගර් සමාගම පසුගිය සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර තිබූ අතර, ඊයේ දිනය වනවිට සිංගර් ශ්‍රී ලංකා සහ ස්ටාර්ලින්ක් සමාගමේ මෙරට සමාගම වන ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකා සමාගමද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව සනාථ කර තිබුණි.
ඒ අනුව සිංගර් සමාගමේ අලෙවිය හරහා ස්ටාර්ලින්ක් උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ඉදිරියේදී ජනතාව වෙත හිමිවනු ඇතැයි සදහන් වෙයි. මෙරට තුළ ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවියේ නිරත ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමූහයට අයත් සමාගමකි.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්ටාර්ලින්ක් මෙරට නිල බෙදාහරින්නා සිංගර්