භානුක අමරසිංහ
ලොව ජනප්‍රිය චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සම්පාදන සමාගමක් වන ස්ටාර්ලින්ක් සේවාවේ මෙරට නිල බෙදාහරින්නා ලෙස සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිංගර් සමාගම පසුගිය සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර තිබූ අතර, ඊයේ දිනය වනවිට සිංගර් ශ්‍රී ලංකා සහ ස්ටාර්ලින්ක් සමාගමේ මෙරට සමාගම වන ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකා සමාගමද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව සනාථ කර තිබුණි.
ඒ අනුව සිංගර් සමාගමේ අලෙවිය හරහා ස්ටාර්ලින්ක් උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ඉදිරියේදී ජනතාව වෙත හිමිවනු ඇතැයි සදහන් වෙයි. මෙරට තුළ ඉලෙක්ට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවියේ නිරත ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමූහයට අයත් සමාගමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd