IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හි කැසිනෝ මෙහෙයුම් ඇරඹීම අගෝස්තුවේදී?

භානුක අමරසිංහ


ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පිහිටි කැසිනෝවේ මෙහෙයුම් මේ වසරේ අගොස්තු මාසයේදී පමණ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි එම සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කරයි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ 2024/25 මූල්‍ය වසර සඳහා වන වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් කරමින් සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.
 “සැලසුම් කළ ආකාරයට 2025 අගෝස්තු මාසයේදී විවෘත කිරීම සඳහා මෙම කාමර 113කින් සමන්විත Nuwa හෝටලයේ සහ කැසිනෝවේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින්නේ. ඉදිරි මාස කිහිපයේදී කැසිනෝවට අදාළ ක්‍රීඩා උපකරණ එහි ස්ථාපිත කරනවා.’  යනුවෙන්ද සභාපතිවරයා පවසා ඇත.
ජාත්‍යන්තර කැසිනෝ සමාගමක් වන මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම මගින් මෙම කැසිනෝ මෙහෙයුම් දියත් කිරීමට නියමිතව තිබේ. මීට අමතරව Nuwa සන්නාමයේ ඉහළ මට්ටමේ හෝටලයක් සහ ආපනශාලාවක්ද ඊට ඇතුළත්ව තිබේ.
මෙහිදී එම සමාගම අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 125ක මුදලක් ආයෝජනය කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව හිමි වුණු විශාලතම විදේශ ආයෝජනවලින් එකක් බවත් සභාපතිවරයා පවසයි. 
එසේම Nuwa  හෝටලයේ සහ කැසිනෝවේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම් සහ පුහුණු කිරීම් මේ වනවිට සාර්ථකව සිදු වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ප්‍රමිතීන් අනුව යමින් මෙම හෝටලයේ මෙහෙයුම් කිරීම සඳහා අපි නව සේවකයන් 1400 දෙනකුට අධික පිරිසක් බඳවා ගෙන පුහුණු කර තිබෙනවා.’ 
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා ලෙස සන්නාම වෙනස් කිරීමට පෙර සිනමන් ලයිෆ් හොටේල් ලෙස පැවැති මෙම ව්‍යාපෘතිය 2024 ඔක්තෝබර් 15 වැනිදා සිය මෙහෙයුම් ආරම්භ කළේය. එය සතුව කාමර 687ක හෝටලයක්, ආපනශාලාවක් සහ සම්භාෂන පහසුකම්ද පවතී. 

 



අදහස් (0)

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හි කැසිනෝ මෙහෙයුම් ඇරඹීම අගෝස්තුවේදී?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site