
භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (MICE) සහ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා (City of Dreams Sri Lanka) ලබන අගෝස්තු 02 වැනිදා විවෘත කෙරෙන බව එම සමාගම් නිවේදනය කළේය. 
මෙම ව්‍යාපෘතිය තුළ ලෝක මට්ටමේ කැසිනෝ ශාලාවක්, Nuwa සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක් මෙන්ම ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක්ද ඇතුළත්ව තිබේ. 
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකින් ඉදි කෙරුණු මෙම සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සිදු කළ විශාලතම ආයෝජනය ලෙසින්ද සැලකෙයි. එසේම මෙය දකුණු ආසියාවේ පිහිටි සියල්ල එකට එක් වුණු පළමු රිසෝට් ව්‍යාපෘතියද වෙයි.
මෙම සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය තුළ කාමර සහ නිවාස 800ක් පවතී. ඒ අතරින් කාමර 687ක් ‘‘සිනමන් ලයිෆ්’’ සන්නාමය යටතේ දැනටමත් විවෘත කර ඇති අතර, ඉතිරි කාමර 113 මෙල්කෝ සමාගමේ Nuwa සන්නාමය යටතේ අති -සුඛෝපභෝගී හෝටලයක් ලෙස ඉදිරිපත් කෙරේ. 
එසේම MICE කාණ්ඩය සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩ පහසුකම්, මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියේ නවීනතම පන්නයේ කැසිනෝ ශාලාවක් සහ විනෝදාස්වාදන කලාපයක්, ලොව සුප්‍රසිද්ධ සූපවේදීන් මෙහෙයවනු ලබන අවන්හල් යනාදියද මෙහි ඇතුළත්ව තිබේ. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා, මෙසේ පැවසීය. “මීට වසර 10කට පෙර සංකල්පයක් ලෙස ඉදිරිපත් වූ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු කොළඹ නාගරික පරිසරය තුළ විවේකය හා විනෝදාස්වාදය සඳහා වඩාත් ගැළපෙන සංචාරක නවාතැනයි. ඒ තුළින් සංචාරක අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වන අතරම විදේශ විනිමය ඉපයීමේදී හා රැකියා උත්පාදනයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහඟු දායකත්වයක් ලබා දේවි.” 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා අගෝස්තු 02 වැනිදා විවෘත කෙරේ