IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංජීව් හුලුගල්ල Cinnamon Life ප්‍රධාන විධායක නිලධාරී තනතුරට

Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂ වෙනස හෙට දවසේ එහි සාර්ථකත්වයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වනු ඇතැයි Cinnamon Life සදහන් කරයි.
විශේෂයෙන් මාලදිවයිනේ සිට කැනඩාව දක්වාත් චීනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වාත් ලොව පුරා රටවල් 12කට අධික ගණනක විශිෂ්ට සංචාරක හෝටල් ව්‍යාපෘති හා දේපළ වෙළෙඳාම් සමාගම් ගණනක් මෙහෙයවමින් හුලුගල්ල මහතා ලබා ගෙන ඇති සුවිශේෂ අත්දැකීම් තුළින් මෙරට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සුවිසල් වෙනසක් කිරීමට හැකියාව උදා වනු ඇත. එම පත්වීම Cinnamon Life හි විශිෂ්ටත්වය තවදුරටත් ලොවට ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් ද නිර්මාණය කරනු ඇත. 
මීට පෙර සංචාරක හා දේපළ වෙළෙඳාම් සමාගමක් වන KOHLER සමාගමේ සමූහ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති හුලුගල්ල මහතා එහි විවිධ ව්‍යාපෘති නව්‍යකරණයේ හා උපායමාර්ගික වර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක් ලෙසද සඳහන් කළ හැකිය. Auberge Resorts Collection යටතේ ඩොලර් මිලියන 210ක ව්‍යාපෘතියක් නැවත පිහිටුවීමට සමත් වූ ඒ මහතා වසර 24ක් පමණ කාලයක් Four Seasons සමඟ කටයුතු කරමින් සම්මානලාභී විශිෂ්ටයින් කණ්ඩායමක් ලොවට දායාද කිරීමටද කටයුතු කරන ලදී.
ඒ මහතා පවසන්නේ මෙය තමන් භාරගත් වෘත්තියක් නොව තමන්ගේ මව්බිමේ සාර්ථකත්වය වෙනුවෙන් දායක වීමට ලැබුණු අවස්ථාවක් බවයි.



අදහස් (0)

සංජීව් හුලුගල්ල Cinnamon Life ප්‍රධාන විධායක නිලධාරී තනතුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site