(තිළිණි ද සිල්වා)
කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ්-19 වයිරසය සදහා රක්ෂණ ආවරණයක් ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සංචාරකයන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රක්ෂණ ආයතන නියොජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක අමාත්‍ය කර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කළේ පුද්ගලික හා රාජ්‍ය දෙඅංශයටම ගැලපෙන පරිදි මෙම රක්ෂණ ක්‍රමය සකසන බවය.
සංචාරකයන්ට රට විවෘත කළ හැක්කේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව බවත් පෙන්වා දුන් ඇමතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීමට හැකි වූ දිනයක ඔවුන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළ සැකසීමට රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සංචාරක ව්‍යාපාරයේ නිරත ලක්ෂ ගානක් පීඩාවට පත්ව සිටින අතරම කොවිඩ්-19 වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව රටට සංචාරක ආකර්ෂණය ඇති කරගැනීමේ වැඩපිළිවෙළ යටතේ සංචාරකයින්ට රක්ෂණාවරණ ලබා දීම එහි එක් වැඩසටහනක් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කණ්ඩායම් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, දැනටමත් මේ පිළිබඳ විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවද කීවේය.
අමාත්‍යංශ ලේකම් එස් හෙටිටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරයේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේරත්න සහ රාජ්‍ය හා පෞද්ගලික රක්ෂණ සමාගම් ප්‍රධානීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කයිවාරු නොකර ඉස්සර කොරෝනා පාලනය කරන්නේ, ඊට පස්සේ සංචාරකයන්ගේ රක්ෂණය ගැන කතාකරන්න පුළුවන් වැඩ නෑ කට විතරයි.
ටෙලිෆෝන් එකෙන් ඉල්ලපු ලක්ෂ 900 හම්බුනාද.?
මෙයාගේ කතාව විතරයි. සංචාරක කර්මාන්තයේ දහස් ගණනකට රැකියා නැහැ.
මුලින්ම ගුවන්තොටුපොළ පටන්ගන්න දවසක් ගැන කතාකරන්නකෝ සංචාරකයෝ එන්න.?
මොහුට කිසිම පැහැදිලි වැඩසටහනක් නැහැ. නිකම් හිතට එන එන ඩීල් මාධ්‍යවලට ප්‍රකාශ කරනවා. සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න නම් පැමිණීමෙ පර්යන්තයේදී කෝවිඩ් පරීක්ෂණයක් කර සංචාරකයා දින 02ක් පමණ නිරෝධායන හෝටලයක නවත්වා නැවත කෝවිඩ් පරීක්ෂණයක් කර ඔහුට නෙගටිව් නම් ඔහුට රටෙ සංචාරය කරන්නට ඉඩදිය යුතුය. දැන් පවසන විදිහට දින 14 රජයේ අනුමත නිරෝධායන හෝටලයක නිරෝධායනය වෙලා නැවත තව දින 14ක් ස්වයං නිරෝධායනය වෙන්න කිසිම සංචාරකයෙක් කැමැති වෙන්නේ නැහැ. දෙන විසදුමක් සංචාරක වාරය ඇරඹෙන දෙසැම්බර් මාසයට පෙර දෙන්න.
මෙයා කියන විදියට මෙච්චරකල් නිකන් පෝලිම් වල ඉදලා සුද්දෝ අපේ රටට ආව වගේ තමයි කතාව. මාර පෝලිමක් ඇති නේද?
මෙයාගේ කතාව විතරයි. කිසිම වැඩක් සිද්ධ වෙන්නේ නැහැ.