මේ වසරේ මුල් මාස නමය තුළදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පහළොස් ලක්ෂ අටදහස් හාරසිය පහ දෙනකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එම සංඛ්‍යාව ගිය වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් දක්වා පැමිණි විදෙස් සංචාරකයින්ට වඩා සියයට 14.6ක වර්ධනයක් යැයිද එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන්ව ඇත. ගිය වසරේ මුල් මාස නමය තුළඳී සංචාරකයින් දහතුන් ලක්ෂ පහළොස් දහස් අටසිය තිස් නව දෙනෙකු පැමිණ තිබේ.
මේ වසරේ මුල් මාස නමය තුළඳී මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ බි‍්‍රතාන්‍යය ,ප‍්‍රංශය,ඉතාලිය,ජර්මනිය ,ඇතුළු බටහිර රටවල් වලින් වන අතර එම සංඛ්‍යාව හාර ලක්ෂ අසූ පන්දහස් හයසිය විසි තුන් දෙනෙකුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව නම් ගාවන්නවත් එපා. සංචාරකයින් කියලා කියන්නත් ලැජ්ජයි (නි)
ඉතිරි අටලක්ෂ ගණනක් සංචාරකයින් ඉන්දියාව පැත්තෙන් වෙන්න ඇති (නි)
මම ප්‍රංශ සංචාරකයන් කිහිප දෙනෙක් සමඟ කතා කළා. එයාලා කියන්නේ ලංකාවේ පරිසරය විනාශ වෙන්න කලින් බලා ගන්න ඕනෑ නිසා එයාල ආවා කියලයි. ඇත්තටම ගත්තොත් මේ යන අවිධිමත් වැඩ නිසා පරිසරය නැති වෙලා විනාශවෙලා යන එක වැඩි ඈතක නැහැ කියලා මටත් හිතෙනවා. (නි)