මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට විවිධ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ලබන වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 25 ක් සඳහා වර්ධනය කර ගැනීමේ ප‍්‍රවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන හෙයින් එලෙස පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාව ඇරඹීමට රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ඉදිරියේදි ගුවන්යානා කිහිපයක් ලබා ගැනීමටද සිදුවනු ඇතැයි රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ යෝජනාවක් (නි)
රටට එන සංචාරකයෝ ගුවනින් අරන් ගියාම එයින් ආදායම් ලැබෙන්නේ ටික දෙනෙකුටයි. ඇරත් ඉක්මනින් තැනින් තැනට යන්න ගුවන් පහසුකම් සැලසුවාම සංචාරකයෝ රටේ නවතින කාලය අඩු වෙනවා. අපේ වගේ පුංචි රටකට එන සංචාරකයෝ පුළුවන් තරම් බිමින් ගෙනියන්න පහසුකම් දියුණු කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය වෙළෙන්දෙකුට තැඹිලි ගෙඩියක් හරි විකුණගන්න අවස්තාව ලැබෙනවා. නරඹන්න තියෙන ටික ගුවනින් අරන් ගියාම දවස් 10කට ආපු සංචාරකයා දවස් 3න් ආපහු යනවා. (බ)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩාපරිමාණ සංචාරක ව්‍යාපාරිකයට පහසුකම් සලසල , සේවක යන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ ? මොන ආණ්ඩුව අවත එම දෙය සිදුවන බව නොපෙනේ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුර කන්න තමඊ නිතරම බලන්නේ, බැංකු ණයක් ගන්නත්, මධ්‍යසාර බලපත්‍ර ලබාගන්නත් සැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ, නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත , මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය , සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (ස)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට පහසුකම් සලසලා සේවකයන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ. මොන ආණ්ඩුව අාවත් එම දෙය සිදුවන බව නොපෙනේ. සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුරා කන්න තමයි නිතරම බලන්නේ, බැංකු නයකර ගන්නත්, මද්‍යසාර බලපත්‍ර ලබාගන්නත් හැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ. නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත. මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය. සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (නදී)
ලංකාව හෝටල් සහ පහසුකම් සදහා අධික මිලක් අය කරන නමුත් මුදලට සරිලන සේවයක් කරන්නේ නැහැ සමහර 5 ස්ටාර් හෝටලවල තියන ඇඳන් වෙන රටවල කුණු දන තැන වලින් හොයා ගන්න පුළුවන් .ආගමන නිලදාරීන් හරිම අහන්කාරී .හෝටල් සේවකයන් හිනාවෙන්න දන්නේ නැහැ .තායිලන්තය වගේ රටකින් උදාහරණ ගන්න ඕන (අ)
බොහොම හොඳ වැඩපිළිවෙළක් (නි)
මේ අදහස වැරදියි. ලංකාව ඉතා කුඩා රටක්. ගුවන් ගමනට වඩා වෙලාවක් යයි ගුවන් පොලට යාමට. ඒටත් වඩා සංචාරකයෝ කැමතියි රට වටා ඇවිද ජනතාව සහ ඔවුන්ගේ ජීවන රටාව , රටේ ලස්සන බලන්න. මම හිතන්නේ මේකට වැඩි ඉල්ලුමක් තියෙන එකක් නැහැ. ඒ වෙනුවට පාරවල් ඉදි කිරීම වඩා වැදගත්. හැබැයි චීන වරායට කුඩා ගුවන් තොටුපොළක් ඉදිකිරීම ප්‍රයෝජනවත් විය හැකියි. (බ)
මේවා මහින්ද චින්තනයේ තිබුන දේවල්. මහින්ද මුල් තැන දුන්නේ රටේ මිනිස්සුන්ට. එ්ක නිසා තමයි මුලින්ම පාරවල් හැදුවේ. එජාපය කොහොමත් මුල් තැන දෙන්නේ විදේශිකයෝ සතුටු කරන එකටනේ. (නදී)
රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කළේ නැහැ. (අ)
රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කලේ නැහැ. (ම)
මහින්ද චින්තනයේ ශ්‍රීලංකාව ගුවන් කෙන්දයක් කරනවා කියල තිබුණේ මේක නේද? (ම)
මේ වගේ හොද ව්‍යාපෘති කරන්න පුළුවන් මහින්දට විතරයි.(හේ)
අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (අ)
අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (ස)
සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිල පාවෙවී උඩින් යනවා (නදී)
සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිලා පාවෙවී උඩින් යනවා (ම)
පහු ගිය කාලේ තිබුන හෙලිකොප්ටර් වලින් ජලයට බස්සවන ගුවන් යානා වලින් , මහජන මුදල් වැය කරමින් ගියේ , සංචාරකයන් නොවේ , මහින්දගේ පවුලේ සහ හිතවතුන් පමණයි (ස)
මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට උපරිම පහසුකම් සපයන්න ඕනෑ. ඒ වගේම ලංකාවට හොඳට වියදම්කරන සංචාරකයන් ගෙන්වාගන්න වැඩපිළිවෙලක් යොදන්න. ලෝකයේ ගොඩක් රටවල ඒ සඳහා ඉහළ උපක්‍රම යොදනවා. සිංගප්පුරුව, ඩුබායි මැලේසියා හොඳ උදාහරණ. ලංකාවේ හෝටල් පහසුකම් තවම තිබෙන්නේ පරණ ක්‍රමයට. අලුතින් යමක් සිද්ධවෙන්නේ නැහැ. (නි)
බොහොම වටිනා අදහසක්.(ම)
බොහොම වටිනා අදහසක්. (නි)