මොරගල්ල ඊඩ්න් සංචාරක හෝටලයේදී දේශිය විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද (14) එම හෝටලයේදී පැවැත්විණි.
ජර්මන්, චීන, ඔස්ට්‍රියා ආදී රටවල් රැසක සංචාරකයෝ රැසක් ඊට එක්ව සිටියහ.
කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, කොට්ට පොර ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික ජන ක්‍රීඩා රැසකට මෙහිදී දෙස් විදෙස් සංචාරකයන් සහභාගී වූ අතර එම හෝටලයේ සාමාන්‍යධිකාරී එක්සත් විජේරත්න, නේවාසික කළමනාකරු ප්‍රසන්නද අල්විස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අවුරුදු උත්සවය සංවිධානය කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තියලා තියෙන්නේ හෝටලේක දේශීය විදේශීය සංචාරකයින්ට මිසක් ටවුන් එකක නෙමෙයි. මොනාද මේ තර්ක (බ)
මේ දේවල් දකිනකොට ගොඩක් සතුටුයි.(හේ)
සුන්දර දසුන් පෙළක්.(හේ)
ෂා මරුනේ අපිත් ඔතන හිටියා.(හේ)
මේ අයටත් ඔය අවුරුදු අසිරිය විදින්න පුළුවන් අපේ රටට අාවොත් පමණයි.(හේ)
මේ අයගේ මුහුණු වල දකින සිනාවෙන් පේනවා ගොඩක් සතුටින් කියලා.(හේ)
දකින්නත් සතුටුයි. අපි කතෝලික! නමුත් සිංහල අවුරුද්ද නිසා පිටරටක ඉඳගෙනත් ගෙදර කිරි ඉතිරුවා (නි)
විදේශික යුවතියෝ කොටට ඇඟ පෙනෙන්න ඇඳලා අවුරුදු ක්‍රීඩාවල නිරතවෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ (නි)
බලන්න කොටට හිරට ඇඳලා කලවා නිතඹ පපුව බඩ ඉඟටිය අත් පා වගේ දේවල් සම්පූර්ණයෙන්ම නිරාවරණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් දැක්කහම අපේ ශ්‍රී ලාංකික වැදගත් පිරිමි පරාණවල හැඟීම්, ආශාවල්, ජුගුප්සා ජනක සිතිවිලි, රාගය, කාමාශාව ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද? මෙහෙම අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඇවිල්ලා අපේ අහිංසක පිරිමින්ගේ කාමාශාව ඇවිස්සුනාම සිදු වෙන දේවල් නිසා පස්සෙන් පහු අතවර වුනා දූෂනය වුනා වගේ දේවල් කියලා ඔවුන්ට චෝදනා කරන එක හරි මදි නේද? මුලින්ම කළ යුත්තේ අනුන්ගේ හිත්වලට කාමාශාව ඇති නොවන පරිදි ඇඳුම් පැළඳුම් අඳින එකයි නේද? එතකොට කාටවත් වැරදි සිතිවිලි හැඟීම් කාමාශාව ඇති වෙන්නේ නැහැ නේද? (බ)
මේ වගේ අවුරුදු ක්‍රීඩා වෙන කිසිදු රටක නෑනේ.(හේ)
නිකන් වෙරළේ ඉඳල ඉංන්ගත විදේශිකයෝ වගේ නේ ,නැත්නම් මේ හෝටලේ ඉන්න කළමනාකරුවන්ට බැරි වුනාද ? කලින් දැනුවත් කරලා මේ කට්ටියව වැදගත් විදියට තරඟ වලට සහබගිකරගන්න ? අපේ අය ලස්සනට ඇඳල ඉන්දිදී මේ අයව මෙහම සහබාගි කරගෙන තියන එක නම් ලජ්ජා නැති වැඩක් (බ)
මෙතන ඉන්න ගොඩක් අය ලින් වල ඉන්න ගෙම්බෝ වගේ . ඒ මිනිස්සු අපේ රටට එන්නේ නිදහසේ අව් රස්මිය ගන්න . නැතිව ඇග වහගෙන ඉන්න නෙමේ . අනික අපි නීති දානවනම් ඒ අයට යන්න ඕන තරම් රටවල් තියනවා . ඒ අදායමත් නැති උනොත් අපේ රටට ඉතින් හුලන් තමා. (ර)
අපේ සමහර මිනිස්සුන්ගේ ඇතුලාන්තය මොනතරම් නම් අසංවරද කියලා ලියලා තියන අදහස් වලින්ම පේනවා. අවුරුද්දේ වැඩි කාලයක් අව්වක් ඇහැට දකින්න නැති, ඒ රටවල පවතින අදික ශීතලට ඔරොත්තු දීමට ඇඳුම් කීපයක් දවස පුරාම ඇඳගෙන ඉන්න ඔවුන් හරිහම්බ කරගත් මුදලින් කියක් හෝ ඉතිරිකරගෙන, වියදම් කරගෙන නිවාඩුවක් ගත කරන්න පිටරටකට යන්නේ, අනිත් අයගේ සංස්කෘතිය ආරක්ෂා කරන්න නෙවෙයි. ඒවගේම අව්වේ ටයිකෝට් ඇඳගෙන, සෙල්ලම් කරන්න හෝ ලොකුකම් පෙන්නන්න වත්, දිග කලිසම් ඇඳගෙන මුහුදේ නාන්නවත් නෙවෙයි. ලවන මිශ්‍ර මුහුදු ජලයේ හා සුළඟින් සමට ලැබෙන ස්වභාවික සත්කාරය ලබා ගැනීමටයි. (ර)
අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් අඳින එක දෝෂ දර්ශනයට ලක්කරන අයයි අද කාලේ වැරදිකාරයෝ වෙලා තියෙන්නේ. දැන් කාලේ හැම දෙයක්ම නොපිට සිදුවීම පුදුමයකුත් නොවෙයි. මේක අබුද්දස්ස යුගයයි. (නි)
නියම වැඩක් (බ)
නියම වැඩක් හරිම ලස්සනයි (ම)
සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි. සුද්දෝ අපි වල්වැදුන නොදියුණු ජාතියක් ලෙස නොදකිනවා නම් ඒ ඇති. වැඩි විස්තර පසුව කියන්නම්. (නි)
සෞදි සරත්, මේක සෞදිය නෙමෙයි අපේ රට. අපේ නිදහස් රට (නි)
බලන්න ඔවුන්ගේ මුහුණු වල ඇති සතුට... (නි)
මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් ප්‍රියකරවීමටද හේ්තුවක් වනු ඇත. (නි)
මේ අත්දැකීම සමහරවිට මෙම විදේශිකයන්ට ජීවිතයේ විඳීමට ලැබෙන එකම අවස්ථාව මෙය වන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ රටවල මේවා නැහැ (නි)
මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට රුකුලක් වනවා ඇත. (නි)
සංචාරක ක්ෂේත්‍රය තුළ මෙවැනි උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කළයුතුයි. මන්ද යත් විදේශිකයන් වැඩි පිරිසක් අපි වගේ දුප්පත් රටවල අාචාර ගුණදම් සිරිත් විරිත් හා නම්‍යශීලීභාවයට මහත් ඇල්මක් දක්වන හෙයින්. (නි)
අපේ ජාතික ක්‍රීඩා වලට නින්දාවක් නේද මේ නුසුදුසු ඇඳුම්? මේවා හොඳයි නාන්න තරගයක් තිබ්බා නම් (නි)
සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි (නි)
බොහොම අගේ ඇති වැඩක් (නි)
ඉතාමත් හොඳ දෙයක්, අපි සියලු දෙනාටම ගරු කල යුතුයි. (ම)
ඇත්තටම හොඳ වැඩක්. දකිනකොටත් ආසයි (නි)
ඇඳුම් ගැන මීට වැඩිය හිතන්න තිබුනා. ඒවා නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ (නි)
ඉතාම හොඳ අදහසක් (නි)
හොස්ස යටින් මැස්සා ගියත්, අපේ අය කවදද සුද්දට බනින්නෙ? (නි)
සෞදි අහමඩ්, මේක සෞදිය නෙමෙයි. අපේ රට අපේ නිදහස් රට. රුවන් හරි (නි)
සුද්ධ අරාබියට රිදෙන්න දෙනවා. සුද්ධ තමයි ලෝකෙට අලුත් දෙයක් හොයා ගත්ත. ඔලුවේ ඉඳල වහගෙන හිටිය කියල තේරුමක් නෑ (බ)
විදේශිකයන්ට හොඳ අවස්ථාවක්.(හේ)