IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කෙරේ

 

(තිළිණි ද සිල්වා)

දිවයින පුරා සිටින සංචාරක රියදුරන්, මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් කඩිනමින් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (30) පැවසීය.

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා අන්තර්ජාල ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති අමාත්‍යවරයා පැවසීය.

සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියලුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර  මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේය.

මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු  මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත.මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද, නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය පහසුකම් සලසා ඇත.



අදහස් (0)

සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site