- වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 89,277ක් එක්සත් රාජධානියෙන් 55,407 ක සංචාරක පිරිසක් ඇවිත්
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 22 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 505,751 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරි මාසයේදී පැමිණි සංචාරකයන් 277,327ක සහ පෙබරවාරියේ මුල් දින 22 තුළ පැමිණි සංචාරකයන් 228,424 ත් සමගින් මෙම ලක්ෂ 5ක පැමිණීම් ඉක්මවා තිබේ. වසර තුළ මේ දක්වා දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සාමාන්‍ය අගය 12,731ක් ලෙස සටහන්ව ඇත.
වසර තුළ පැමිණි සංචාරකයන් 505,751 ක් අතරින් වැඩිම පිරිස වන 89,277ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 55,407 ක සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර, රුසියාවෙන් 45,351ක් පැමිණ තිබේ. මීට අමතරව ජර්මනියෙන් 35,413ක්, චීනයෙන් 31,621ක්, ප්‍රංශයෙන් 27,874ක්, ඔස්ට්‍රේලියාවෙන් 19,413ක්, පෝලන්තයෙන් 18,706ක්, එක්සත් ජනපදයෙන් 14,505ක් සහ නෙදර්ලන්තයෙන් 12,081ලෙස මෙම සංචාරක පැමිණීම් වාර්තා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd