IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරක කේෂ්ත්‍රයට නව ආයෝජන 30 ක්

( තිළිණි ද සිල්වා )

මේ වසර තුළදී සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ හරහා  ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 370ක (රුපියල් මිලියන 66,250) සංචාරක හෝටල් ආශ්‍රිත ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් ව තිබෙන බවත්, ඒ යටතේ හෝටල් කාමර 550 ක් හා විලා 400 ක් මේ යටතේ ඉදිකිරීමට යෝජිත යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.

දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් ලෙස සංචාරක කර්මාන්තය තෝරා ගෙන ඇති හෙයින්, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන වලට රජය වැඩි අවධානයක් යොමු කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.



අදහස් (1)

සංචාරක කේෂ්ත්‍රයට නව ආයෝජන 30 ක්

denin Wednesday, 04 March 2020 12:29 AM

ජේ.ආර්.ජයවර්දන මහතා 1960 ගණන්වල සංචාරක ව්‍යාපාරය අරඹන විට දුරදක්නා නුවනක් නැති දේශපාලකයින් බොහොම විරුද්ධ වුනා. අර පුද්ගලිග වෛදවිද්‍යාල වගේ ඕකත් නතරකර දැම්මනම් කොහොමද අද රැකියා හිඟය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site