( තිළිණි ද සිල්වා )
මේ වසර තුළදී සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 370ක (රුපියල් මිලියන 66,250) සංචාරක හෝටල් ආශ්‍රිත ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් ව තිබෙන බවත්, ඒ යටතේ හෝටල් කාමර 550 ක් හා විලා 400 ක් මේ යටතේ ඉදිකිරීමට යෝජිත යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.
දේශීය හා විදේශීය ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ප්‍රමුඛ අංශයක් ලෙස සංචාරක කර්මාන්තය තෝරා ගෙන ඇති හෙයින්, සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන වලට රජය වැඩි අවධානයක් යොමු කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්.ජයවර්දන මහතා 1960 ගණන්වල සංචාරක ව්‍යාපාරය අරඹන විට දුරදක්නා නුවනක් නැති දේශපාලකයින් බොහොම විරුද්ධ වුනා. අර පුද්ගලිග වෛදවිද්‍යාල වගේ ඕකත් නතරකර දැම්මනම් කොහොමද අද රැකියා හිඟය.