IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සංචාරක ක්ෂේත්‍රයේ පිම්මකට ජාතික සන්නාමකරණ වැඩසටහනක්

මුල් මාස ප​හේදී මෙරටට සංචාරකයන් 1,029,803 ක්

ඉන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.54 ක්

රජයේ අභිලාශකාමි ඉලක්කය සපුරා ගැනීමට නම් ඉතිරි මාස හතේදී සංචාරකයන් 1,970,197 ක් මෙරටට පැමිණිය යුතුයි

ඉලක්කය සපුරා ගැනීමට සාමාන්‍යයෙන් මසකට සංචාරකයන් 282,000 ක් පැමිණිය යුතුයි

පළමු මාස 5ට පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය 206,000 ක්

 


විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ගෙන්වා ගැනීමේ සහ සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් ඉපැයීමේ රජයේ අභිලාශකාමී ඉලක්කය සපුරා ගැනීම සඳහා බොහෝ කලක සිට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ පුළුල් ජාතික සන්නාමකරණ වැඩසටහන එළැඹෙන 26 වැනිදා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේය.

වැඩසටහන මගින් ජාත්‍යන්තර සංචාරකයන් තුළ තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවත් ඉහළ යනු ඇති බවද සංවර්ධන අධිකාරිය පැවැසුවේය. මෙම විශේෂ වේදිකාව ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රධාන පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශ්ව, සංචාරක විශේෂඥයන් සහ අමුත්තන් එකම වේදිකාවකට ගෙන එනු ඇතැයි එම අධිකාරිය ප්‍රකාශ කළේය.

දැඩි ප්‍රවර්ධන තල්ලු‍වක් නොමැතිව රජයේ අභිලාශකාමී ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇති බව පවසමින් මෙවැනි ආකාරයේ පුළුල් ජාතික සන්නාමකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක කර්මාන්තය නියෝජනය කරන පෞද්ගලික පාර්ශ්ව දීර්ඝ කලක සිට රජයෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ නමුත් මෙලෙස වැඩසටහනක් ක්‍රියාත්මක වීමට සති තුනකට මත්තෙන් ප්‍රසිද්ධ කිරීම තරමක් අසාමාන්‍ය කරුණක් බවත්, එළැඹෙන 26 වැනිද‌ා වැඩසටහන ආරම්භ වන බව පැවැසුවත් ස්ථානයක්, එයට සභාභාගී වන්නන් හෝ අවසන් සැලසුමක් පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරිය දැනුම්දී නොමැති බවත් සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ පවසති. මෙලෙස සති තුනකට පෙර සංචාරක සංවර්ධන අධිකාරිය මේ පිළිබඳ ප්‍රසිද්ධ කර ඇත්තේ උපාය මාර්ගික ප්‍රවර්ධන සැලසුමකට අනුව බවද පාර්ශ්වකරුවෝ ප්‍රකාශ කළහ.

මෙම වසරේ මුල් මාස 5 තුළදී මෙරටට සංචාරකයන් 1,029,803 ක් පැමිණ තිබූ අතර, ඉන් ඉපැයූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.54 ක් විය. රජයේ අභිලශකාමි ඉලක්කය සපුරා ගැනීමට නම් ඉතිරි මාස හත තුළ සංචාරකයන් 1,970,197 ක් මෙරටට පැමිණිය යුතුව ඇති අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.46 ක ආදායමක් උපයා ගත යුතුව ඇත.

ඉතිරි මාස 07 තුළදී මෙරටට සංචකරයන් 1,970,197 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන්, මසකට මෙරටට සංචාරකයන් 282,000 ක් පැමිණිය යුතුව ඇති නමුත්, පළමු මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය 206,000 කි. අභිලාශකාමී ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙරට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට ශක්තිමත් ප්‍රවර්ධන වැඩසටහනක අවශ්‍යතාව පාර්ශ්වකරුවෝ පෙන්වා දුන්හ.

කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස 5 තුළදී මෙරට පැමිණි සංචාරකයන් ගණන පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 14.8 ක වර්ධනයක් වන අතර, පළමු මාස 5 හේ සංචාරක ඉපැයීම් පසුගිය වසරේ මාස 5 ට සාපේක්ෂව සියයට 9.8කින් වර්ධනය වී ඇත. පසුගිය වසරේ පළමු මාස 5 තුළ මෙරටට සංචාරකයන් 896,779 ක් පැමිණ තිබූ අතර, ඉන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් විය.

පසුගිය මැයි මාසයේදී මෙරටට සංචාරකයන් 132,919 ක් පැමිණ තිබූ අතර, ඉන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1 විය. එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයකි. පසුගිය මැයි මාසයේදී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 154 ජ වූවේය. කෙසේ නමුත් පසුගිය මැයි මාසයේ සංචාරක ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

මෙම මසදී මෙරටට සංචාරකයන් 112,128 ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙන අතර, සංචාරක කර්මාන්තය අපහසු ඉලක්කයක් පසුපස හඹා යන බව පාර්ශ්වකරුවන් පෙන්වා දෙයි. මෙරටට මාසයකට පැමිණෙන සංචාරකයන්ගේ ගණන 282,000 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු වර්ධනයක් අවශ්‍ය බවද ඔවූහු පවසති.

පළමු මාස 5 තුළදී මෙන්ම පසුගිය මැයි මාසයේදීද මෙරටට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. මෙම වසරේ පළමු මාස 5 දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 204,060 ක් මෙරටට පැමිණ ඇති අතර, පසුගිය මැයි මාසයේදී 47,001 ක් මෙරටට පැමිණ ඇත.

මෙම වසරේ අභිලාශකාමි ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවර්ධන තල්ලු‍ව ලබාදීම සඳහා බොහෝදෙනා අපේක්ෂා කළ පුළුල් ජාතික සන්නාමකරණ වැඩසටහන එළැඹෙන 26 වැනිදා ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රයේ පිම්මකට ජාතික සන්නාමකරණ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site