IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයට බෞද්ධ සංස්කෘතියෙන් ජීවයක්

(බිඟුන් මේනක ගමගේ) 


සංචාරක ක්‍ෂේත්‍රය නඟාසිටුවීම සඳහා බෞද්ධ සංස්කෘතිය යොදාගත යුතු යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.


බුදු දහම යනු අපට ආධ්‍යාත්මික මෙන්ම ආර්ථික තලයේ දී එකවරම ජයග්‍රහණ අත්පත් කරගත හැකි මාහැඟි සම්පතක් යැයි ද ප්‍රතිපත්ති සම්පාදක ඇසට තවමත් මේ සම්පතින් ගත හැකි පල ප්‍රයෝජන ගැන හරි වැටහීමක් නැතැයි ද විපස්සි හිමියෝ ‘ලංකාදීප’ සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවැසූහ.


අධිවේගී ජීවන රටාවෙන් මිදී ජීවිතයට සහනයක් හා විවේකයන් සොයමින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට බුදු දහමෙන් මෙරට සැකැසුණු උරුමය යනු හොඳ වෙළෙඳපොලක් යැයි කී උන්වහන්සේ පාරිසරික හා සත්කාරක වශයෙන් වූ සංචාරක කර්මාන්තයට නව අගය එකතු කිරීමක් කළ හැකි මේ උරුමයෙන් තවමත් වැඩක් ගැනීමට අපට හැකිව නැතැයි චෝදනා කළහ.


මිථ්‍යා විශ්වාස පසුපස යෑම වෙනුවට විද්‍යාවට තැන දිය යුතු යැයි ද මිනිසුන් පූජා වන්දනාමාන කළ යුත්තේ සෙනසුරුට හෝ රාහුට නොව නවීන විද්‍යාවේ නවමු සොයාගැනීම් කරන මිනිස් අත්වලට යැයි ද විපස්සි හිමියෝ පැවැසූහ.


ජාතික විමුක්තියක් උදාවනු ඇත්තේ විද්‍යාවේ නව අරුණළු වැටෙන රටක යැයි ද විපස්සි හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

 



අදහස් (0)

සංචාරක කර්මාන්තයට බෞද්ධ සංස්කෘතියෙන් ජීවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site