IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයේ ලොකු පිම්මක්

 

ජනවාරි 1 සිට        මාර්තු  5  දක්වා මෙරටට    පැමිණි  සංචාරකයන්    ගණන 530,746ක් 
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 15.1 ඉහළයාමක් 
මෙම මස 1 සිට 5 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 37,786 ක් 
පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 9.12 ක ඉහළ යාමක් 
මෙම මස සංචාරක ඉලක්කය 3,02,803 ක් 
පළමු දින 5 දී වැඩිම     පිරිස රුසියාවෙන් 
වසර අග ඉලක්කය සපුරා    ගැනීමට තවත් 2,469,25 පිරිසක්  ඉදිරි මාස 9දී පැමිණිය යුතුයි.
 

 විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමේ සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය පිළිබඳව සුබවාදී අදහස් ඇති කරමින් පසුගිය  ජනවාරි මස පළමු වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට සංචාරකයන් 530,746 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 15.1 ඉහළ යාමකි.
 
එසේම මෙම මස 1 සිට 5 වැනිදා දක්වා මෙරටට සංචාරකයන් 37,786 ක් පැමිණ ඇති අතර එයද පෙර වසරේ මීට සමාන කාලයට සාපේක්ෂව සියයට 9.12 ක ඉහළ යාමකි. මෙම මස සංචාරක ඉලක්කය 302,803 ක් වන එය සපුරා ගැනීම සඳහා ඉතිරි දින 26 දී ශ්‍රී ලංකාවට තවත් සංචාරකයන් 265,107 ක පිරිසක් මෙරටට පැමිණිය යුතුව ඇත.
 
පළමු දින 5 තුළදී මෙරටට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණි රට රුසියානු සමුහාණ්ඩුව වන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඉන්දියාව සහ එක්සත් රාජධානිය හිමිකර ගෙන තිබේ.
 
පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 240,217 දෙනකු පැමිණ තිබූ අතර එහිදී වැඩිම සංචාරකයන් පිරිස ඉන්දියාවෙන් පැමිණ තිබිණි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රුසියාවටත් එක්සත් රාජධානියටත් හිමිවිය. එසේම පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 252,761 ක් පැමිණ තිබූ අතර එය 2024 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 21.4 ක ඉහළ යාමක්ද විය.
 
එහිදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට ඉන්දියාව වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රුසියාවටත්, ඉන්දියාවටත් හිමි වූවේය. පසුගිය ජනවාරි මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 400.7 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 17.2 ක ඉහළ යාමක්ද විය.
 
වසර අග ඉලක්කය සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 2,469,254 ක පිරිසක් ඉදිරි මාස 9 කාලය තුළදී මෙරටට පැමිණිය යුතු අතර ඒ සඳහා මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත යුතුය.
 
ලක්ෂ 5 කඩ ඉම පසු කිරීමත් සමග ඒ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විශ්වාසය පළ කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට ලක්ෂ 30 කඩඉම පසුකර යාමට හැකියාව පවතින බවයි. සංචාරකයන් මෙරටට පැමිණීමේ අනාගත වර්ධනය සඳහා ලක්ෂ 5 කඩඉම දැඩි පදනමක් දැමූ බවද ඔහු පැවැසුවේය.
 
වත්මන් ප්‍රවණතාව තිරසාර කරගැනීමේ සහ වේගවත් කර ගැනීමේ අරමුණින් මෙම මස තුළදී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන නව සැලසුම එළිදක්වනු ඇතැයිද වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
 
මෙම අභිලාෂකාමි ඉලක්කය සපුරා ගැනීම සඳහා සහාය දීමට සංචාරක අමාත්‍යාංශය කැපවී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් සහ උපාය මාර්ගික මුලපිරීම් අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
 
මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ මෙරටට වැඩිම පිරිසක් පැමිණි රට ඉන්දියාව වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 84,476 ක් පැමිණ ඇත. දෙවැනි ස්ථානය රුසියාවටත්, තෙවැනි ස්ථානය එක්සත් රාජධානියටත් හිමිව ඇති අතර රුසියාවෙන් සංචාරකයන් 70,159 ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 51,105 ක් මෙරටට පැමිණ තිබිණි.



අදහස් (0)

සංචාරක කර්මාන්තයේ ලොකු පිම්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site