IMG-LOGO

සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්

(තිළිණි ද සිල්වා)
 
රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී.


අද  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින බවත් මේ දිනවල උද්ගත වී ඇති දේශපාලන වාතාවණය තුළ එම තත්ත්වය පහළ වැටී ඇති බවයි.


ඔහු සඳහන් ප්‍රකාශ කළේ දැනටමත් සංචාරකයන්ගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙවැනි අවස්ථාවලදී අසල්වැසි රටවල් ප්‍රයෝජන ගන්නා බැවින් කඩිනමින් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන් ඔවුන් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා කියා සිටියේය.



අදහස් (6)

සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්

vishaka Monday, 19 November 2018 04:46 PM

ඔය කර්මාන්තෙ කඩා වැටුනොත් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. පහුගිය අවුරුදු තුනේම රටට ආදායමක් එන්න වෙනත් කිසිම කර්මාන්තයක් පටන්ගත්තෙත් නැහැනේ. පටන් ගන්න ගිය වොක්ස්වැගන් කර්මාන්තෙත් අන්තිමේ ප්‍රෝඩාවක් උනා.

:       668       247

KumarSaturday, 24 November 2018 05:20 PM

ඔය නෝනගේ කතාවේ ඇත්තක් තිබෙනවා.

:       2       0

Laksitha paris Monday, 19 November 2018 05:48 PM

සුමාන 2 කට කලින් ලොකු ලොක්කෙක් කිව්වේ පරස්නයක් නෑ කියල ..

:       0       299

රවින් Tuesday, 20 November 2018 02:36 AM

සංචාරයක් කරන්න පෙර ඉතිරියක් කරන්න ඕන. පහුගිය දිනවල නිතර නිතර රට පුරා පැවති විරෝදතා, දැනට රට තුල ඇති විවස්තතා අර්බුද වගේ දෙනිසා ඇතිවෙන ගැටුම් නිසා තමන් විසින් ඉතිරිකළ මුදල් වියදම් කර හොඳ හැටි ගුටිකන්න කවුද කැමති? මහා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, ලස්සන මුහුදු තිරයක් ඇති, පැය පහක් හෝ හයක් වැනි කෙටි කලක් තුල විවිධ දේෂගුනික තත්වයන් භුක්ති වින්දියහැකි , ඉතා රසවත් විවිද පලතුරු ඇති රටකට ඇවිල්ල කොහෙවත් නොගිහින් තම නවාතැන් පොලට වී සිටීමට මෙරටට එන්න ඕනේ නැහැ. පිස්සෝ ටිකක් ව්‍යවස්ථා හදන තැනක හිටියාම මුළු රටටම ඔය ටික තමා.

:       0       67

Siri- Oman Tuesday, 20 November 2018 07:16 AM

ලෝකයේ රටවල් 193 අතරින් 2019 වසරේ සංචාරය කිරීමට ඇති හොඳම රට ලෙස ලංකාව ''ලෝන්ලි ප්ලනට්'' සංගරාවේ නම්කර කර ලංකාව ඔසවා තබනකොට අපේ උගත් බුද්ධිමත් පාලකයෝ පාර්ලිමේන්තුවේ බාල් නටල ලංකාව ගැන තියෙන ප්‍රතිරූපය සම්පුර්ණයෙන්ම විනාශ කලා. මිරිස්කුඩු ලංකාවට තියෙන නවීන අවිය ලෙස විදේශීය ජනමාධ්‍ය කරුවන් නිව්යෝර්ක් ඩේලි ටයිම් පුවත් පතට ලීවා.අනෙක් ආසියානු රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනකොට අපි මොනවද කරන්නේ? ඉතින් සංචාරකයෝ අපේ රටට තවත් එයිද?

:       0       171

jaya Thursday, 22 November 2018 02:07 AM

අගමැතිකම තියෙනවා නම් කවුරු කඩන් වැටුණත් කමක් නැත...

:       0       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site