(තිළිණි ද සිල්වා)
රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි එම සංගමයේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින බවත් මේ දිනවල උද්ගත වී ඇති දේශපාලන වාතාවණය තුළ එම තත්ත්වය පහළ වැටී ඇති බවයි.
ඔහු සඳහන් ප්‍රකාශ කළේ දැනටමත් සංචාරකයන්ගේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙවැනි අවස්ථාවලදී අසල්වැසි රටවල් ප්‍රයෝජන ගන්නා බැවින් කඩිනමින් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන් ඔවුන් වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කර්මාන්තෙ කඩා වැටුනොත් නම් ලොකු අමාරුවක වැටෙන්නේ. පහුගිය අවුරුදු තුනේම රටට ආදායමක් එන්න වෙනත් කිසිම කර්මාන්තයක් පටන්ගත්තෙත් නැහැනේ. පටන් ගන්න ගිය වොක්ස්වැගන් කර්මාන්තෙත් අන්තිමේ ප්‍රෝඩාවක් උනා.
සුමාන 2 කට කලින් ලොකු ලොක්කෙක් කිව්වේ පරස්නයක් නෑ කියල ..
සංචාරයක් කරන්න පෙර ඉතිරියක් කරන්න ඕන. පහුගිය දිනවල නිතර නිතර රට පුරා පැවති විරෝදතා, දැනට රට තුල ඇති විවස්තතා අර්බුද වගේ දෙනිසා ඇතිවෙන ගැටුම් නිසා තමන් විසින් ඉතිරිකළ මුදල් වියදම් කර හොඳ හැටි ගුටිකන්න කවුද කැමති? මහා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, ලස්සන මුහුදු තිරයක් ඇති, පැය පහක් හෝ හයක් වැනි කෙටි කලක් තුල විවිධ දේෂගුනික තත්වයන් භුක්ති වින්දියහැකි , ඉතා රසවත් විවිද පලතුරු ඇති රටකට ඇවිල්ල කොහෙවත් නොගිහින් තම නවාතැන් පොලට වී සිටීමට මෙරටට එන්න ඕනේ නැහැ. පිස්සෝ ටිකක් ව්‍යවස්ථා හදන තැනක හිටියාම මුළු රටටම ඔය ටික තමා.
ලෝකයේ රටවල් 193 අතරින් 2019 වසරේ සංචාරය කිරීමට ඇති හොඳම රට ලෙස ලංකාව ''ලෝන්ලි ප්ලනට්'' සංගරාවේ නම්කර කර ලංකාව ඔසවා තබනකොට අපේ උගත් බුද්ධිමත් පාලකයෝ පාර්ලිමේන්තුවේ බාල් නටල ලංකාව ගැන තියෙන ප්‍රතිරූපය සම්පුර්ණයෙන්ම විනාශ කලා. මිරිස්කුඩු ලංකාවට තියෙන නවීන අවිය ලෙස විදේශීය ජනමාධ්‍ය කරුවන් නිව්යෝර්ක් ඩේලි ටයිම් පුවත් පතට ලීවා.අනෙක් ආසියානු රටවල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනකොට අපි මොනවද කරන්නේ? ඉතින් සංචාරකයෝ අපේ රටට තවත් එයිද?
අගමැතිකම තියෙනවා නම් කවුරු කඩන් වැටුණත් කමක් නැත...