භානුක අමරසිංහ
සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදු කිරීමට යෝජනා කර තිබූ සිය හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුව (CSE) අනුමැතිය ලබාදී ඇතැයි සමාගම පවසයි. පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ නිකුතුව සම්බන්ධයෙන් සැලසුම් කළ දින ප්‍රසිද්ධියට පත් කිරීමටද එම සමාගම කටයුතු යොදා තිබේ.
මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලුතින් කොටස් 1ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 4,313,992ක් වන අතර, කොටසක් රුපියල් 240.00 ක් බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් 1,035,358,080 කි.
මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් සමාගම සැලසුම් කර ඇති ව්‍යාපාර වර්ධනය සඳහා සහාය දක්වන ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම අරමුණ බවත්, සමාගමෙහි ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහාද මෙම මුදල් යොදා ගන්නා බවත් සමාගම සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.