
රාජ්‍ය ආයතන, මහා පරිමාණ කර්මාන්ත, විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති Sri Lanka AI Week 2026 ඉතා සාර්ථකව අවසන් විය. එහිදී මෙරට AI Technology Partner ලෙස Huawei සමාගම විසින් ව්‍යාපාර, රාජ්‍ය මෙහෙයුම් සහ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික AI යෙදුම් 18ක් අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සමගින් Sri Lanka AI Week 2026 හි Huawei ප්‍රදර්ශන කුටිය නැරඹීමට එක් වීම විශේෂත්වයකි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව නිර්මාණය කරන ලද Smart Classroom” AI in Education සහ Beijing Normal University හා සම්බන්ධ MindGraph පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවකාශ උදා විය. ඒ හරහා දුරස්ථව සිටින ගුරුවරුන් සහ සිසුන් එකම ඩිජිටල් ඉගෙනුම් අවකාශයකට සම්බන්ධ කරමින් ඈත පළාත්වල පාසල් සමග සජීවීව සන්නිවේදනය කරන අයුරු අග්‍රාමාත්‍යවරියට අත්හදා බැලීමට හැකි විය. අධ්‍යාපන අමාත්‍යාංශය, Huawei සමාගම සහ ඔවුන්ගේ හවුල්කරුවන් ඒකාබද්ධව ප්‍රායෝගික AI අධ්‍යාපන මෙවලම් නිරූපණය කිරීමට ගෙන ඇති උත්සාහය අග්‍රාමාත්‍යවරියගේ පැසසුමට ලක්විය. ගුරුවරුන් සවිබල ගැන්වීමටත්, අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමටත්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීමටත් මෙම තාක්ෂණයන් සතු දායකත්වය ඇය එහිදී අවධාරණය කළාය.
එදින පස්වරුවේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang යන මහත්වරු Huawei ප්‍රදර්ශන කුටිය වෙත නිල සංචාරයක නිරත වූහ. ඔවුහු AI Hands-On Classroom AI Empowering Industry, AI in Education සහ Smart Classroom යන තාක්ෂණික නිරූපණ සජීවීව නිරීක්ෂණය කළහ. AI යෙදවුම් සැබෑ ලෝකයේදී භාවිත කළ හැකි අයුරින් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමට Huawei සමාගම ගෙන ඇති පියවර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ඇගයීමට ලක්විය. අධ්‍යාපනය, මහා පරිමාණ කර්මාන්ත සහ වෘත්තීය කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවේ සමස්ත ඩිජිටල් පරිවර්තනය සඳහා මෙම තාක්ෂණයන් සතු හැකියාව ඔහු එහිදී පෙන්වා දෙන ලදී.
එසේම ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්, තාක්ෂණික හවුල්කරුවන්, විශ්වවිද්‍යාලීය විද්වතුන් සහ විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර, සමාජයේ සහ ජාතික ආර්ථිකයේ විවිධ අංශ සක්‍රීයව බලගැන්වීම සඳහා Huawei සමාගම ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව සිය ස්තුතිය පිරිනැමූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Daniel Wu මහතා මෙසේ පැවසීය. Huawei සතු ගෝලීය අත්දැකීම් නවීන තාක්ෂණය සහ ඒ හා සම්බන්ධ සම්පත් අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට අප කැපවී කටයුතු කරනවා. මෙරට AI යුගයට අවශ්‍ය දේශීය තාක්ෂණික හැකියාවන් ඉහළ නැංවීමටත්, දේශීය දක්ෂතා සංවර්ධනය කිරීමටත්, රට වෙනුවෙන් සැබෑ වටිනාකමක් නිර්මාණය කිරීමටත් අප මෙරට දේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd