ලංකා දුම්කොළ සමාගමේ (CTC) තම වෙළෙඳ අංශයේ ඉහළම දක්ෂතා දක්වා පසුගිය වසර තුළ විශිෂ්ට දායකත්වයක් ලබා දුන් සියලු‍ සේවක මහත්ම මහත්මීන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ ප්‍රධානතම සම්මාන උළෙල වන Pinnacle Awards පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව, නොපසුබට උත්සාහයෙන්, උපායමාර්ගිකව කටයුතු කළ පුද්ගලයන් සහ කණ්ඩායම් එහිදී ඇගයීමට ලක් කෙරිණි.
සම්මාන රාත්‍රියේ විශිෂ්ටතම සම්මානය වන ‘වසරේ වෙළෙඳ අලෙවිකරණ විධායක’ (Trade Marketing Executive of the Year) සම්මානය ජනිත් සෙනෙවිරත්න හිමි කර ගත්තේය.
මෙම අංශයේ ප්‍රථම අනුශූරතාව (First Runner-up) අබීෂ්ගර් වතනාථසන් මහතා හිමිකරගත් අතර, දෙවැනි අනුශූරතාව (Second Runner-up) අසේන් නානායක්කාර මහතාට හිමි විය.
වසර පුරා ඉහළ දක්ෂතාවක් පෙන්නුම් කළ වරුණ සෙල්ලප්පෙරුම ‘වසරේ නැගී එන වෙළෙඳ අලෙවිකරණ විධායකවරයා’ ලෙස සම්මාන ලැබීය. එමෙන්ම ඇන්ඩෲ රත්නායක ‘වසරේ විශිෂ්ටතම සහකාර කළමනාකරුට හිමි සම්මානය දිනා ගත්තේය.