(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත.
ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත්, ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයින වෙත යොමු කර විවේකීව එහි කාලය ගතකිරීමට අවස්ථාව ලබා දීමටත් හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට පවසා ඇත.
මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් කියන මාලදිවයින් තානාපතිවරයා ලංකාවේ දී සංචාරකයන්ට නැරඹීමේ ස්ථාන රැසක් ඇති බවද සඳහන් කර තිබේ.
සංචාරක අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කළ හැකි බව ඇමතිවරයා මෙහිදී තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
මාලදිවයිනේ විදේශ කටයුතු ඇමතිවරයා ජනවාරි 28 සිට තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කර ඇත.
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කිව්වොත් අපේ මොළයක් නැති ආණ්ඩුව සහ මාලදිවයින් ආණ්ඩුව ගැන කල්පනා කරාම පුදුම හිතෙනවා. ඇත්තටම නම් ලැජ්ජයි. මාලදිවයිනේ අය තව විදේශිතයෝ ගෙන්වාගන්න අදහස් කරනවා. ඒ අය හදන්නේ අපට එන ටිකත් ඩයිවර්ට් කරගන්න. නිදහසේ ඉන්න තැන් ලංකාවේ ඇත්තෙම නැද්ද? තියෙන ලස්සන තැන් ටික කාගන්නේ නැතිව ඒ අයට නිදහසේ ඉන්න මාලදිවයිනේ යවන්න ඕනද ? අපේ බූරුවෝ විදේශිතයන්ට ආතතියක් දෙනාවා. ඒ අයට දෙන්න පුළුවන් හැම වදේම දෙනවා. හැම දේම ඒ අයට බලෙන් විකුණනවා. වංචා කරනවා. ත්‍රීවීල් කාරයන්ගෙන් බේරෙන්න බැහැ. හිනා වෙලා සතුටින් එන විදේශිකයෝ ලංකාවෙන් යන්නේ අඬාගෙන. ඔන්න ඕවයි හදන්න ඕන. සංචාරක ව්‍යාපාරය තමයි අපේ රටට තියෙන එකම ගැළවීම. අපේ රටේ තත්වයට මහා පරිමාණ කර්මාන්ත හරි යන්නේ නැහැ. ඒ හීනෙන් ඇහැරිලා සේවා ආර්ථිකය දියුණු කරන්න ඕන. රටම ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මුළු රටම ලැස්ති වෙලා ඉන්න ඕන මේ දෙයට. රටේම ඉන්න බස්, ත්‍රීවීල් රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, වෙළෙන්දෝ පුහුණු වෙන්න ඕන. මිනිස්සුන්ට සංචාරක කර්මාන්තය ගැන අවබෝධයක් දෙන්න ඕන. ඉතින් සංචාරක කර්මාන්ත ඇමති වෙන්න ඕන ඒ ගැන ඉහළම දැනුමක් ඇති බුද්ධිමතෙක්.
නැව් සේවාවක් තමයි ඕනේ.. 2020ත් වෙලා තාම අපේ රටෙන් පිටරකට යන්න ක්‍රමවත් නැව් සේවාවක් නැහැ. අඩු තරමේ ඉන්දියාවට මාලදිවයිනට යන්නවත්.. නමුත් රට වටේට මුහුද..? සංචාරක අමාත්‍යාංශයත්, නාවික කටයුතු අමාත්‍යාංශයත්, ධීවර අමාත්‍යාංශයත් මෙච්චර කල් කළේ බොරු නීති පනව පනවා දඩගහන එක මිසක් මේවා දියුණු කරන එක නෙමෙයි.
මේ මොකක්ද? ලැජ්ජා හිතෙන වැඩ. නැගිටගන්නවත් බෑ. අනේ හිරිකිතයි. ලැජ්ජයි. ඔක්කොම අත ඇරලා රට දියුණු කරපල්ලා. අපි ඉන්නේ ඔක්කොටම පිටිපස්සෙනේ.