IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5ක්

හර්ෂණ තුෂාර සිල්වා

ඉහළ මැදි ආදායම් තත්ත්වයකට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දීම වෙනුවෙන් වසර 2018 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක නව උපායමාර්ගික ගිවිසුමකට එළැඹෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා පරිසර හිතකාමී සහ සියලු පාර්ශව එකතු කරගත් තිරසාර සංවර්ධනයක්,  ශක්තිමත් ධාවක සහිත යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් වර්ධනයක් සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට සහාය දීම ආසියානු බැංකුවේ නව උපායමාර්ගික ගිවිසුමේ අරමුණ වී තිබේ. 

නව ගිවිසුම යටතේ ආසියානු සංවර්ධන බැංකුව අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 800ත් බිලියනයත් අතර මුදල් වැය කරන අතර වසරකට ඩොලර් මිලියන 800ක වටිනා තාක්ෂණික සහයක් දැක්වීමට ද නියමිතය. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මෙරට පෞද්ගලික අංශය හා එක්ව කරන මෙහෙයුම් පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව මූල්‍ය නොවන ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියි. 



අදහස් (7)

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5ක්

manthri Wednesday, 30 August 2017 01:19 AM

ඔය තියෙන්නේ සල්ලි. මමනම් කියන්නේ දිගටම මේ අවබෝධතාව තිබුනොත් හොඳයි වගේ. අපට දිගටම වාර්ෂික ඩියුටි ෆ්‍රී කාර් කෝටා එක ලැබෙනවා ෂුවර්. --- මන්ත්‍රී.

:       1       3

lalith Wednesday, 30 August 2017 06:21 PM

ගණන නම් බොහොම සැරයි තමයි. නමුත් දැනටමත් කලාපයේ සහ ලෝකයේ සවර්ධන තරඟයේ අන්තිම පසුපසින් දුවන අපට මේ විදියේ විශාල මුදලකින් තොරව ක්ෂණික පිම්මක් පැනල ඉදිරියෙන් යන්වුන්ගේ අහලකට යන්න අපහසුයි. නමුත් වැඩේ තියෙන්නේ මේ මුදලින් කින් කියක් සංවර්ධනය වෙනුවෙන් වියදම් වෙයිද කියන එකයි. ඔන්න කොල්ලනේ මල්ල පිරුන කියල රටේම කල පාරවල්වල කොන්ක්‍රීට් අතුරන්නයි, පන්සල් පල්ලි වලට බෙදන්නයි, වැඩකට නැති පාරවල් කාපට් කරන්නයි, මන්ත්‍රී රොත්ත ලාහෙන් පනින එක නවත්වන්න යානා වාහන විදේශ ගමන් ඇතුළු පඳුරු පාක්කුඩම් දෙන්නයි ගියොත් අන්තිමේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි.

:       0       3

samanThursday, 31 August 2017 04:34 AM

ලලිත්, මේ දෙන්නේ රටේ සංවර්දනයට නෙවේ. ලග එන මැතිවරණවලට මැති ඇමැතිවරුනට බෙදලා එයාලව බිලී බාගන්න. ගියපාර කලා වගේම වැඩක්.

:       27       4

disanayaka Thursday, 31 August 2017 04:46 AM

මෙවැනි ආදාර කොච්චර අපේ රටට හම්බුනාද.අනේ ඉතින් ඕවට වෙනදේ පුංචි අතදරුවෝ පවා දන්නවා.අමතිවරුයි ලොක්කොටිකයි ඉතින් ඔයටිකත් ලුණු බිකක ගානට ගෙන ගසාකයි.එයින් එහා දෙයක් වෙන්නේ නැහැනේ. අපේ රටට ලැබුණු අදාරවලින් කාර්යක්ෂම සන්වර්දන්යක් සිදුවුවානම් මේ වෙනකොට අපි සිංගප්පූරුවක් වෙලානේ.හැමතැනම ඉන්න හොර තක්කඩි ටික ඉන්නකම් සංවර්දන සිහිනනම් සැබෑ වෙනෙක සිහිනයක් පමණයි.

:       0       61

රත්නායක Saturday, 02 September 2017 04:16 AM

එතකොට 2015 ඉඳලා වේදිකාවල කෑමොර දෙන්නේ රාජපක්ෂවරුන්ගේ ණය නිසා මේ රට හදන්න බෑ කියලා. දැන් මොකටද මේ ණය ගන්නේ?

:       0       0

Priyashantha Saturday, 02 September 2017 07:23 AM

ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව මෙවැනි ණය මුදල් වලින් නියමිත ව්‍යාපෘතිය සඳහා යෙදවෙන්නේ 30% ත් 40% අතර ප්‍රමාණයක් පමණි. 60% ත් 70% අතර ප්‍රමාණයක් ඉහල සිට පහලට ගසාකෑම් , වංචා සහ හොරකම් වේ. නමුත් 100% ම ලබා ගත් ණය පොලියත් එක්ක ගෙවන්නේ මහජනතාව විසිනි. එබැවින් පවතින දූෂිත දේශපාලන තත්වය තුල සංවර්ධනය සිහිනයක් පමණි.

:       0       300

willowsd Monday, 04 September 2017 02:38 AM

මේ මුදලින් කීයෙන් කියක් සංවර්ධනය වෙනුවෙන් වියදම් වෙයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site