හර්ෂණ තුෂාර සිල්වා
ඉහළ මැදි ආදායම් තත්ත්වයකට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දීම වෙනුවෙන් වසර 2018 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක නව උපායමාර්ගික ගිවිසුමකට එළැඹෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම සඳහා පරිසර හිතකාමී සහ සියලු පාර්ශව එකතු කරගත් තිරසාර සංවර්ධනයක්, ශක්තිමත් ධාවක සහිත යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගත් වර්ධනයක් සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට සහාය දීම ආසියානු බැංකුවේ නව උපායමාර්ගික ගිවිසුමේ අරමුණ වී තිබේ.
නව ගිවිසුම යටතේ ආසියානු සංවර්ධන බැංකුව අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 800ත් බිලියනයත් අතර මුදල් වැය කරන අතර වසරකට ඩොලර් මිලියන 800ක වටිනා තාක්ෂණික සහයක් දැක්වීමට ද නියමිතය. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මෙරට පෞද්ගලික අංශය හා එක්ව කරන මෙහෙයුම් පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව මූල්‍ය නොවන ක්ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ සල්ලි. මමනම් කියන්නේ දිගටම මේ අවබෝධතාව තිබුනොත් හොඳයි වගේ. අපට දිගටම වාර්ෂික ඩියුටි ෆ්‍රී කාර් කෝටා එක ලැබෙනවා ෂුවර්. --- මන්ත්‍රී.
ගණන නම් බොහොම සැරයි තමයි. නමුත් දැනටමත් කලාපයේ සහ ලෝකයේ සවර්ධන තරඟයේ අන්තිම පසුපසින් දුවන අපට මේ විදියේ විශාල මුදලකින් තොරව ක්ෂණික පිම්මක් පැනල ඉදිරියෙන් යන්වුන්ගේ අහලකට යන්න අපහසුයි. නමුත් වැඩේ තියෙන්නේ මේ මුදලින් කින් කියක් සංවර්ධනය වෙනුවෙන් වියදම් වෙයිද කියන එකයි. ඔන්න කොල්ලනේ මල්ල පිරුන කියල රටේම කල පාරවල්වල කොන්ක්‍රීට් අතුරන්නයි, පන්සල් පල්ලි වලට බෙදන්නයි, වැඩකට නැති පාරවල් කාපට් කරන්නයි, මන්ත්‍රී රොත්ත ලාහෙන් පනින එක නවත්වන්න යානා වාහන විදේශ ගමන් ඇතුළු පඳුරු පාක්කුඩම් දෙන්නයි ගියොත් අන්තිමේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි.
මෙවැනි ආදාර කොච්චර අපේ රටට හම්බුනාද.අනේ ඉතින් ඕවට වෙනදේ පුංචි අතදරුවෝ පවා දන්නවා.අමතිවරුයි ලොක්කොටිකයි ඉතින් ඔයටිකත් ලුණු බිකක ගානට ගෙන ගසාකයි.එයින් එහා දෙයක් වෙන්නේ නැහැනේ. අපේ රටට ලැබුණු අදාරවලින් කාර්යක්ෂම සන්වර්දන්යක් සිදුවුවානම් මේ වෙනකොට අපි සිංගප්පූරුවක් වෙලානේ.හැමතැනම ඉන්න හොර තක්කඩි ටික ඉන්නකම් සංවර්දන සිහිනනම් සැබෑ වෙනෙක සිහිනයක් පමණයි.
එතකොට 2015 ඉඳලා වේදිකාවල කෑමොර දෙන්නේ රාජපක්ෂවරුන්ගේ ණය නිසා මේ රට හදන්න බෑ කියලා. දැන් මොකටද මේ ණය ගන්නේ?
ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව මෙවැනි ණය මුදල් වලින් නියමිත ව්‍යාපෘතිය සඳහා යෙදවෙන්නේ 30% ත් 40% අතර ප්‍රමාණයක් පමණි. 60% ත් 70% අතර ප්‍රමාණයක් ඉහල සිට පහලට ගසාකෑම් , වංචා සහ හොරකම් වේ. නමුත් 100% ම ලබා ගත් ණය පොලියත් එක්ක ගෙවන්නේ මහජනතාව විසිනි. එබැවින් පවතින දූෂිත දේශපාලන තත්වය තුල සංවර්ධනය සිහිනයක් පමණි.
මේ මුදලින් කීයෙන් කියක් සංවර්ධනය වෙනුවෙන් වියදම් වෙයිද