IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ නව සංචාරක ස්ථාන 6059 ක්

(තිළිණි ද සිල්වා)
 
සංචාරක ආකර්ෂණයෙන් යුතු නව සංචාරක ස්ථාන 6059 ක් දිවයින පුරා ප්‍රදේශ රැසකින් හදුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද  සංචාරක අමාත්‍යවරයා කීය.
 
මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවත් වනජීවි, වනසංරක්ෂණ, පුරාවිද්‍යා වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රදවා ගැනීමේ අරමුණෙන් මෙම නව සංචාරක ස්ථාන හදුන්වා දෙන බවය.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 318 ක් හදුනාගෙන ඇති අතර, නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කළාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මීට අමතරව සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීම සදහා නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් රථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බවත්, යුරෝ මිලියන 52 ක මුදලක් වැය කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ අදාළ ඉදිරි කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇමතිවරයා  වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ස්ථාන 6059 ක්

Raveendra Thursday, 04 February 2021 01:23 PM

ඒකත් උදයංගටම බාර දුන්නා යසඅගේට කරලා දෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 622 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site