(තිළිණි ද සිල්වා )
සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ශ්රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.
දෙරට අතර සංචාරකයින් ප‍්‍රවර්ධනය කර ගැනීමට කිරීමේ අරමුණින් මෙලෙස ගිවිසුමකට එළැඹි බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට යාමට පහසුකම් සැලසීමත් තායිලන්ත සංචාරකයින්ට මෙරට සිද්ධස්ථාන වන්දනාව සඳහා පහසුකම් සැපයීම මෙම ගිවිසුම හරහා සිදු කෙරෙන බවද සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ විසා ෆ්‍රී අැග්රීමෙන්ට් එකක්වත් තියනවා නම් අපිට තායිලන්තේ යන්න වටිනවා. එහෙම එකක් බැරිද?
ජෝන් ...... මහත්තයා එහෙ යන්න සුදානම් මේ දවස්වල.