IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්

සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ස්ලිම් කැන්ටාර් (SLIM Kantar)  ජනතා සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ පළමු පිළිගැනීම ලෙස සිය ජනප්‍රියතාව යළි සනාථ කර ඇත. 
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)විසින්, ලොව ප්‍රමුඛතම අලෙවිකරණ දත්ත සහ විශ්ලේෂණ සමාගම වන කැන්ටාර් සමග එක්ව පිරිනමන මෙම ජනතා සම්මාන පදනම් වන්නේ විනිශ්චය මණඩයක් මත නොව, සමීක්ෂණයක ප්‍රතිඵල මගින් තීරණය කරන ලද පාරිභෝගික මනාපයන් මතය. එය ජනප්‍රිය හැඟීම්වල සැබෑ පිළිබිඹුවක් වන අතර සම්මාන වැඩසටහන ආරම්භයේ සිට සෑම වසරකම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ මෙම ගෞරවය දිනාගත් එක ම සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වන්නේය.  
සෙලින්කෝ ලයිෆ් හි වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව 21 වැනි වසරටත් තහවුරු කරන සමාගමේ 2024 මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් සති දෙකකට පසු සමාගමට ස්ලිම් කැන්ටාර් ජනතා සම්මානය හිමිවිය. 
“‍මහජන විශ්වාසය මත අපගේ සාර්ථකත්වය රඳා පවතින අතර අප විසින් කරන සෑම දෙයක්ම සිදු කරනුයේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සහ රඳවා ගැනීමටයි. අඛණ්ඩව වසර 19 ක් පුරා ජනතා සම්මානය දිනා ගැනීම නොසැළෙන අධිෂ්ඨානයකින් තොරව අත් කර ගත නොහැකි විස්මිත ජයග්‍රහණයක් වෙයි. මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳ ව අප නිහතමානීව සතුටු වන අතර එය අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ සමස්ත ප්‍රජාවේ විශ්වාසය නියෝජනය කරයි,” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සමිත හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
සෙලින්කෝ ලයිෆ් 2024 වසර අවසන් කළේ රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 28.4 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් සහ රුපියල් බිලියන 65.54 ක ඒකාබද්ධ ආදායමක් උත්පාදනය කරමිනි. 
2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL)සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය CIMA  විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site