තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන - අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීම සඳහා ‘‘ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර ’’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කරනු ලැබූ බව කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය කියා සිටී.
මෙම වැඩසටහන හරහා රටෙහි හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, දේශීය හා විදේශික ආයෝජකයින්ට වෙළඳ නීති සහ රෙගුලාසි පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි වීම, ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන අපනයන කටයුතු පහසු කරගැනීමේ තොරතුරු ලබාගැනීමට හැකිවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
තවද මෙමඟින් තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින් මෙමඟින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද එම ක්ෂේත‍්‍රයන් හි කටයුතු කරන සියලූම පාර්ශවකරුවන්ගේ ද කාලය ඉතිරි වනු ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දේ.
එහි මෙහෙයුම් ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර මේ සඳහා ලෝක බැංකුව සහ ශ‍්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දායකත්වය ලබා දෙනු ලැබේ.
තවද ශ‍්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ විශ්ලේෂණයක්, ව්‍යාපාර අරම්භක ක‍්‍රියාවලිය, ආනයන අපනයන මාර්ගෝපදේශය මෙන්ම විශේෂ අර්ථික ක්ෂේත‍්‍රයන් පිළිබඳ තොරතුරු, අපනයන සැකසුම් කලාප, දේශ සීමා හරහා වෙළඳාම , ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති ජත්‍යන්තර, කලාපීය සහ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් හා එයට අදාල නීති රෙගුලාසි මෙන්ම ඒවායෙහි ප‍්‍රතිලාභ යනාදී විශේෂාංග ද මෙයට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර ඇරැඹේ
Sanju Monday, 23 July 2018 04:48 PM
කොහෙද තියෙන්නේ ?
Harsha Wednesday, 25 July 2018 10:43 PM
කොහෙද මෙය පිහිටා තිබෙන්නේ?