IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා - මෝල්ටා ආර්ථික සබදතා තර කෙරේ

 

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ රබර් සහ අනෙකුත් විශේෂිත උසස් තත්වයේ නිෂ්පාදන ගෘහස්ථ භාවිතයට මෙන්ම සැකසුම් සඳහා ලබා ගැනීමට මෝල්ටාව විශේෂ උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ මෝල්ටා ජනරජ මහ කොමසාරිස් රූබන් ගෝසි මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සමග පසුගියදා පැවැති සාකච්ඡා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර ද්වි පාර්ශ්වික වෙ​ෙළඳ සබඳතා තර කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව සමග ඇති ආර්ථික සබඳතා තරකර ගැනීමට මෝල්ටාව දක්වන විශේෂ උනන්දුව අවධාරණය කළ මහා කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සිය උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවා විදේශ රටවලට සපයමින් සිය අපනයන ලැයිස්තුව පුළුල් කර ගැනීමට ඇති හැකියාවද පෙන්වා දුන්නේය.

යුරෝපා සංගමයේ උපාය මාර්ගික සාමාජිකයකු වන මෝල්ටාව සමග වෙෙළඳ සබඳතා තරකර ගැනීම මගින් ශ්‍රී ලංකාවට යුරෝපා වෙෙළඳපොළට ප්‍රවේශ වීමට ඇති හැකියාවද මහ කොමසාරිස් රූබන් ගෝසි මහතා එහිදී සඳහන් කළේය. මෝල්ටාවට රබර් සහ අනෙකුත් විශේෂිත උසස් තත්වයේ නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙරටට යුරෝපා වෙෙළඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මහා කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝල්ටාව වැනි විභව හවුල්කරුවන් සමඟ වෙෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු කරන බවය. රබර්, කුළුබඩු, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, මැණික් ගල් සහ ස්වර්ණාභරණ වැනි උසස් නිෂ්පාදන නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් කීර්තියක් ලබාගෙන ඇති බවද විජේසිංහ මහතා මහා කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකා - මෝල්ටා ආර්ථික සබදතා තර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 587 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site