IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා - චීන වෙළෙඳ ආයෝජන සමුළුව අද කොළඹදී

  • මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකා - චීන වෙළෙඳ හා ආයෝජන සමුළුව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අද(30) පැවැත්වෙන අතර එහි ප්‍රධාන දේශනය චීන වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා විසින් සිදුකරනු ලැබීමට නියමිතය.
සමුළුවට සහභාගී වීම සඳහා චීන වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ඇතුළු 115 දෙනකුගෙන් යුත් චීන දුත පිරිසක් පෙරේදා 28 ශ්‍රී ලංකාවට පැමිණියේය. එම දූත පිරිස චීනයේ විවිධ පළාත් නියෝජනය කරන සමාගම් 77 ක් නියෝජනය කරයි. වෙළෙඳ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර තිබෙන ද්වී පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට විශාල තල්ලු‍වක් වනු ඇතැයි සැලකෙන අතර ඔහු මෙරට සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මුණ ගැසීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඔස්සේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියද අනුමැතිය ලබා දුන්නේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අවබෝධතා ගිවිසුම මෙම සතියේදී අත්සන් තැබීමට නියමිතය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා - චීන වෙළෙඳ ආයෝජන සමුළුව අද කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site