භානුක අමරසිංහ
ලංකා වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lank Economic Summit) ලබන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භවීමට නියමිතය.
ජනවාරි 29 දක්වා දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව Shaping Sri Lanka’s Future: Transformational - Growth Rooted in Sound Economic Policies යන තේමාව යටතේ සංවිධානය වෙයි.
සමුළුවේ ආරම්භය සනිටුහන් කරමින්, තිරසාර ආර්ථික සංවර්ධනයක් යන දැක්ම යටතේ පැවැත්වෙන Fireside Chat අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙයි. ඊට ලංකා වාණිජ මණඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතාද සම්බන්ධ වෙයි. එසේම ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහතවරුද ඊට එක් වෙති.
සමුළුවේ දෙවැනි දිනය යටතේ පැවැත්වෙන Fire Side Chat අවස්ථාවට ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථිකය සඳහා වන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සම්බන්ධ වෙයි. එම සාකච්ඡාව ‘Shaping Sri Lanka’s Digital Economy Roadmap’ යන තේමාවෙන් පැවැත්වෙයි. එය මෙහෙයවීම Surge Global හි නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර මහතා විසින් සිදු කිරීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් 28 වැනිදා ඇරඹේ