IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළෙඳපොළේ ස්ථාවරභාවයක් ඇති වෙයිද

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලදී තියුණු පසුබෑමක් වාර්තා කළේය. ගනුදෙනුකරුවන් ස්ථාවර අදහසක නොසිටි බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මිල දී ගැනීම් සඳහා අඩු උනන්දුවක් තිබුණි. කෙසේ වෙතත් කොටස් හිමි ප්‍රජාව ඔවුන් සන්තකයේ ඇති කොටස් වහාම විකුණා දැමීමේ ප්‍රවණතාවකින් ද බැහැරවීම විශේෂ ලක්ෂණයකි. අද දිනයේ දී ඇති කරන ඉල්ලුම අනුව වෙළෙඳ පොළ නැවතත් ස්ථාවර තැනකට ගමන් කරන්නට ඉඩ තිබේ. 

තැපැල් වර්ජනය අවසන් කිරීම හා සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය ආරම්භ නොකරන එකඟතාවකට පැමිණීම ආර්ථික අවිනිශ්විත භාවය අඩු කරන සාධකයක් වී තිබුණි. කෙසේ වෙතත් ආයෝජන අංශ රට තුළ පවතින වාතාවරණය කෙරෙහි වඩාත් සැලකිල්ලකින් පසුවේ. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොඩනැගුණු විපක්ෂ සන්ධානය හා ජාත්‍යන්තර නායකයන් දක්වන අදහස් කෙරෙහි සමාජය වඩාත් අවධානය යොමුකර ඇත. 

දිනයේ  (අගෝ 25) ගනුදෙනුවලදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,575.20 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 73.61 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,042.51 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 47.33 ක පහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 4.40 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 29,774 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 133.94 ක් විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම තවදුරටත් පහත වැටී තිබුණි. සමාගම් 105 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන       141 කි. උච්ඡාවචන කිහිපයක් නිරීක්ෂණය වූ නමුත් වෙළෙඳපොළ ගනුදෙනු තරමක උදාසීන බවක පැවැතිණ. 

රේණුකා සිටි හෝටලය කොටසකට රු. හතරක ලාභාංශ ප්‍රකාශයට පත්කරයි. රේණුකා හෝල්ඩිං සහ කාර්ගෝ බෝර්ට් රුපියල බැගින් හා ලෝටස් හයිඩෝ ශත අසූවක ලාභාංශ නිකුත් කර ඇත.

හේමාස් හෝල්ඩිං රු. මිලියන 126 ක්, රෝයල් සෙරමික් රු. මිලියන 119 ක්, සියෙරා කේබල් රු. මිලියන 117 ක් ඩොක්යාඩ් රු. මිලියන 116 ක්, හොටෙල් කෝපරේෂන් රු. මිලියන 102 ක්, සම්පත් බැංකුව  රු. මිලියන 98 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 95 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 94 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක 

 



අදහස් (0)

වෙළෙඳපොළේ ස්ථාවරභාවයක් ඇති වෙයිද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site