පසුගිය සතිවල මිල දී ගත් කොටස් විකිණීමට සූදානම් ප්‍රවණතාව හේතු කොටගෙන ඊයේ (ඔක්. 27) ගනුදෙනුවලදී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පිරිහීමකට ලක්විය. සියලු කොටස් මිල දර්ශකය පහසුවෙන් ඒකක 23,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එම ස්ථානය සඳහා තවත් දින කිහිපයක් ගත විය හැකිය.
පසුගිය සතියේ සාමාන්‍යයට වඩා ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම පහත වැටීම ගනුදෙනු සතිය ආරම්භයේ නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වෙතත් ඉදිරි දිනවලදී නැවත වතාවක් මිල දී ගැනීමේ ප්‍රවණතාව නැවත නිර්මාණය වනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ගැන අලුත් අනාවරණ නිකුත් වෙමින් පවතින අතර අපනයන වර්ධනය, අලුත් ආයෝජන අවස්ථා සහ 2026 අයවැය සකස් වන ආකාරය ගැන පළ කරන ඉඟි අනුව සක්‍රීය තත්වයක් ඉක්මනින් අපේක්ෂා කළ හැකිව තිබේ. රජයේ ආදායම ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර විශේෂයෙන් රු. බිලියන 450 ක් පමණ අපේක්ෂා කළ රථවාහන ආනයනයෙන් උපයා ගත හැකි ආදායම රු. බිලියන 700 ක් පමණ විය හැකි බව ප්‍රකාශ වේ. වාහන ආනයනය සඳහා නිකුත් කළ මූල්‍ය පහසුකම් වාණිජ බැංකු හා ෆිනෑන්ස් සමාගම්වල ආදායම තහවුරු කර තිබේ. රක්ෂණ, වාහන ආශ්‍රිත සේවා හා සංචාරක අංශවල ප්‍රසාරණයට වාහන ආනයනය පිටිවහලක් වී ඇත.
ගනුදෙනු ආරම්භයේ වර්ධනයක් සනිටුහන් කරන ලද නමුත් පළමු භාගයේ සිට වෙළෙඳපොළ පිරිහීමක් වාර්තා වූ අතර ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,788.79 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 23.73 ක අඩුවීමකි. එස්ඇන්ඩීපී ශ්‍රී ලංකා දර්ශකය 6,255.63 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 10.68 ක අඩුවීමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.76 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 36,994 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 306.88 ක් විය. සමාගම් 121 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 135 කි.
විදේශ මිල දී ගැනීම් රු. මිලියන 299.8 කි. විකිණීම් රු. මිලියන 123.2 ක් වේ. රටට ලැබුණු ශුද්ධ ආදායම රු. මිලියන 176 කි. ඉකුත් සිකුරාදා සිට යම් ප්‍රමාණයකින් විදේශ ආයෝජකයන් යුහුසුළු වන බවක් පෙන්වයි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙළෙඳපොළ වර්ධනය සීමා කළ ලාබ අරමුණු