IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙළඳ ගිවිසුම් යටතේ අපනයනවල සියයට 4.2ක වර්ධනයක්

  • GSP  ක්‍රම ඔස්සේ සිදු කළ වෙළෙඳ අපනයනයේ වටිනාකම ඩො.මි. 3,985 ක්
  • විවිධ රටවල් සමග ඇති වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ කළ අපනයන ආදායම් 2024දී ඉහළ පහළ ගිහින්
  • ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී ඩො.මි. 490.3ක් ලෙස සියයට 8.6ක අඩුවීමක්
  • පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී ඩො.මි. 46.2ක් ලෙස සියයට 0.3ක ඉහළ යාමක්
  • සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුමේදී ඩො.මි. 1.3ක් ලෙස සියයට 22ක වර්ධනයක්
  • ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව
  • චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී වෙලා

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාව 2024දී සිය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ මුළු අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 4,972.5ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2023 වසරේදී එම ගිවිසුම් යටතේ සිදු කළ මුළු අපනයනවල වටිනාකම වූ ඩො.මි. 4,7773.4 හා සැසඳීමේදී සියයට 4.2ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව එළිදැක් වූ වාර්ෂික ආර්ථික විවරණය 2024 තුළ ශ්‍රී ලංකාව වරණීය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සිදුකළ අපනයන මගින් ලැබුණු ආදායම් පිළිබද දත්ත තුළ මේ බව ඇතුළත්ව තිබේ.

මේ අතරින් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රම හෙවත් GSP ක්‍රම ඔස්සේ සිදු කළ වෙළෙඳ අපනයනයේ වටිනාකම ඩො.මි. 3,985 කි. එය 2023 දී හිමි වූ ඩො.මි. 3,803 හා සැසඳීමේදී සියයට 4.8 ක වර්ධනයකි. එසේම මේ ඔස්සේ සිදු කළ අපනයනයේ දායකත්වය වෙළෙඳ ගිවිසුම් යටතේ සිදු කළ සමස්ත අපනයනවලින් සියයට 80ක්ද වෙයි.

“යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය පිරිනමනු ලබන වරණීය වෙළෙඳාම පිළිබඳ පොදු ක්‍රමවලින් (GSP) ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලැබ ඇත. 2024 දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය වෙළෙඳාම පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී.+) යටතේ අඛණ්ඩ ප්‍රතිලාභ ලබා ගනිමින් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.“ මහ බැංකුව පවසයි.

මේ අතර ශ්‍රී ලංකාව විවිධ රටවල් සමගින් ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ සි කළ අපනයන ආදායම් 2024දී ඉහළ පහළ යෑමක් වාර්තා කර තිබේ. 

ඒ අතරින් ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී (ISFTA) ඩො.මි. 490.3ක් ලෙස සියයට 8.6ක අඩුවීමක්ද. ආසියා - ශාන්තිකර වෙළෙඳ ගිවිසුමේදී (APTA) ඩො.මි. 209.9ක් ලෙස සියයට 1.9ක අඩුවීමක්ද පවතී. එසේම පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේදී (PSFTA) ඩො.මි. 46.2ක් ලෙස එය සියයට 0.3ක ඉහළ යාමක් සටහන්ව ඇත. දකුණු ආසියානු වෙළෙඳ වරණයේදී (SAFTA) ඩො.මි. 169ක් ලෙස සියයට 81.3ක වර්ධනයකි. එසේම සාර්ක් වරණීය වෙළෙඳ ගිවිසුමේදී (SAPTA) ඩො.මි. 1.3ක් ලෙස සියයට 22ක වර්ධනයක් පවතී.

“දකුණු ආසියානු වෙළෙද වරණය (SAFTA) යටතේ ඉන්දියාව වෙත කළ අපනයන ඉහළ ගියද, ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISFTA) යටතේ සිදුකළ අපනයන පහත වැටුණි.“ මහ බැංකුව පවසයි.

මේ අතර බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව පිළිබද බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මූලාරම්භයේ (BIMSTEC) ප්‍රඥප්තිය 2024 මැයි මාසයේදී බලාත්මකවීමත් සමගින්ම එයද අපනයන වෙත දායකත්වයක් ලබා දෙනු ඇතැයි අදහස වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් කිහිපයක් සඳහා පිවිසීම් මෙන්ම සාකච්ඡාද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතරින් ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම 2025 ජනවාරි 01 වැනි දින බලාත්මක විය.

ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA ) පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව ක්‍රියාත්මකවෙමින් පවතී. එසේම බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමග වරණී වෙළෙද ගිවිසුම් යටතේ සාකච්ඡාද අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සාකච්ඡාවල ප්‍රගතිය මන්දගාමී වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි. 



අදහස් (0)

වෙළඳ ගිවිසුම් යටතේ අපනයනවල සියයට 4.2ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site