අලුතින් මිලදී ගන්නා වාහන සඳහා ලීසිං වටිනාකම 70%ක උපරිම සීමාවකට යටත් කරමින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි පවසයි.
මේ අනුව මෙතෙක් ලබාදුන් වාහනයේ සම්පූර්ණ වටිනාකම සඳහා වන කල්බදු පහසුකම වාහනයේ වටිනාකමින් 70%ක ප්‍රමාණයක් සඳහා පමණක් ලබාදෙනු ඇත.
මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණය වැඩිවීම නිසා මෙම තීරණය ගන්නට ඇතැයි මහ බැංකු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් නැති කෙනාටම තමයි පහර වදින්නේ (නි)
මෙහෙම ගියොත් අපිට වාහනයක් ගන්න වෙන්නේ නෑනේ.(හේ)
මේකද යහපාලනය කියන්නේ.(හේ)
මේක යහපාලනයද නැත්නම් නියම ඒකාදිපති වාදයද. එහෙම ප්‍රතිපත්තිමය තීරණ යහපාලනය ගන්නේ කුමන පදනමකින්ද මෙම තීරණ හා ගිය ආණ්ඩුවේ තීරණ අතර වෙනස ? (හේ)
බලන් යද්දි හැමෝම එකයි.(හේ)
මහ බැංකුවට අයිතියක් තිබෙනවා කාලෙන් කාලෙට ප්‍රසාරණාත්මක හෝ නිශේධනාත්මක ප්‍රතිපත්ති වලට යන්න. (නි)
හොඳ වැඩේ එ්කනම් .ලංකාවේ වැඩිපුරම ඉන්නේ පස්ස බිම ඇනිලා හිටියත් අනනුන්ගේ සල්ලිවලින් වාහන අරන් බොරුවට ෂෝ දාන අය .( ලීසිං ආයතන වල වැඩ කරන අය තමයි ඕක දන්නේ ) දැන්වත් එ්ක අඩුවෙවිනේ . ඕක 60% විතර කළානම් හරි (බ)
හොඳ වැඩේ ඒක නම්. ඕක 60% විතර කළා නම් හරි (නි)
මම නං දන්නා තරමට මේ ක්‍රමය මීට පෙරත් ක්‍රියාත්මක වුනා. එකම වෙනස දැන් ඒක මහ බැංකුව විසින් ගැසට් නිවේදනයක් මගින් නීති ගත කරලා තියෙනවා. මොකද මම මීට පෙර දෙපාරක්ම වාහන ගන්න ගියාම ලීසිං කොම්පැනිය වාහනයේ වටිනාකමින් 30% අවම වශයෙන් ගෙවන්න කිව්වා. අපි නං බලාපොරොත්තු වුනේ ජනතාවට මීට වඩා හිතකර යහ පාලනයක් ඇති වෙවී කියලා . බලන් ගියාම මුන් ඔක්කොම එක බෝට්ටුවේ. සල්ලි කාරයන්ට විතරයි වැඩි සැලකිලි. (බ)
මේක ගත්තේ වාහන වැඩි නිසා ට්‍රැෆික් වැඩි නිසා නෙමේ.සල්ලි ප්‍රස්නයක් නිසා.ට්‍රැෆික් වැඩි නිසා වාහන වින්කුනන අඩු කරලා හරියන්නේ නෑ පාරවල් හදනවා මිසක්. (අ)
මට වාහනයක් ගන්න බැරි හින්දා කියනවා නෙමෙයි, වාහන වලට බදු ගහලා හරි අපේ බඩුමිල අඩු කරන්න (නි)
ප්‍රවාහන මූලික කරගත්තු ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයට අමාරු වෙයි, කල් බදු පාසුකම් දෙද්දී පොඩි බඩි ලොරි වලට සහනයක් දුන්නොත් හොඳයි (බ)
ප්‍රවාහන මූලික කරගත්තු ව්‍යාපාර පටන් ගන්න ඉන්න යට අමාරු වෙයි, කල් බදු පහසුකම් දෙද්දී පොඩි බඩි ලොරි වලට සහනයක් දුන්නොත් හොදයි (ම)
අපිට වාහනයක් ගන්න මේ ආත්මෙදි නම් බැරිවෙයි (නි)
ලොකු ලොකු අයට ප්‍රශ්නයක් නෑ ඒත් පොඩි අපි වගේ මිනිස්සුන්ට මේක ගොඩක් තදින් බලපනවා.(හේ)
චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයන්ගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (අ)
චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයෝ මුන්ගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (බ)
චූලක කියපු දේ හරි. නැති එකා කබලෙන් ලිපට වැටෙනවා විතරයි. පාලකයෝ මේ අයගේ සාක්කු පිරුණොත් ඒ ඇති. (අ)
හොඳ වෙලාවට මම අවුරුද්දේ මුලදීම වාහනය ගත්තේ (නි)
මේ ක්‍රමය හොඳයි. දැන් වාහනයක් ගන්න අතගහන්නේ මුදල් වියදම් කරන්න පුළුවන් අය විතරයි (නි)
අපි හැමදාමත් කළේ ණයට අරන් මඟුල් කාලා මුළු ජීවිත කාලෙම ණයගෙවපු එකනේ (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
අන්තිමට ඒකෙනුත් තැළෙන්නේ දුප්පත් අපි (නි)
වාහන ගන්න බැරි නම් නිකන් ඉන්න. ෆුල් ලීසිං දාල වාහන අරන් ගෙවාගන්න බැරි වුණාම ගිනිතියා ගන්නවා. ඒකටත් වැරදි ආණ්ඩුව. ඊට නරකද ලෝකේ හොඳම පොදු ප්‍රවාහන සේවයක් තියෙන අපේ රටේ එය ප්‍රයෝජනයට ගත්තොත්? (නි)
මුදල් තියෙන ධනපති අයත් ආදායම් බදු නොගෙවා සිටීමට සල්ලි තියාගෙන වාහන ෆුල් ලීසිං කරනවා, (ම)
මුදල් තියෙන ධනපති අයත් ආදායම් බදු නොගෙවා සිටීමට සල්ලි තියාගෙන වාහන ෆුල් ලීසිං කරනවා, (ම)
තීරු බදු රහිත පහසුකම් නැවත දැම්මා නම් මේ සැමගේ වඩාත් සාර්ථකය. (අ)
අනේ අපොයි මම මේ මාසේ වාහනයක් ගන්න හිටියේ.(හේ)
අර ඡන්දෙ කාලේ ඇඩ් එකක හිටිය ජෝඩුව මතක්වෙනවා. පව්, ඒ දෙන්න ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවම කාර් එක්කක් ගන්න හිටියේ! (අ)
ජයවේවා! ජහපාලනය සහ ලෙච්චමී පාලනය නැගල යනවා. අතිසාරේට අමුඩ ගහනවා කියන්නේ ඔය වගේ යෝජනා වලට තමයි. (අ)
එතකොට අර බයික් එකේ ගිය ජෝඩුව කොහොමද කාර් එකක් ගන්නේ? (ම)
එතකොට අර බයික් එකේ ගිය ජෝඩුව කොහොමද කාර් එකක් ගන්නේ? (බ)
බුද්ධිමත් තීරණයක්. ඔහොම යමු! (නි)
බොහොම නිවැරදි තීරණයක් (නි)
ඇත්තටම හොඳයි (නි)
මේකෙන්වත් මිනිස්සු වාහන ගන්න එක සීමාවුණොත් හොඳයි (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
මමත් මරුටි ඇල්ටෝ එකක් ෆුල් ලීස් එකක් දාලා ගන්න හැදුවේ. දැන් මාර ප්‍රශ්නේ (නි)
මට නම් මේ තීරණය ගැන සතුටු වෙන්න බැහැ (නි)
වාහන ගෙන්වීම වැඩි නම් කරන්න ඕනෑ වෙන දෙයක්. මේකෙන් බැංකු සේවකයින්ගේ වාහන ණයත් සීමාවෙනවා නේද? (නි)
පොදු ප්‍රවාහන සේවය හරියට තියෙනවා නම් ඔය මුකුත් ඕනි නැහැ. මිනිස්සුන්ට වෙලාවට සැප පහසුව යන්න විදියක් හැදුවනම් හරිනේ. මන්ද මටනම් හිතෙන්නේ එහෙමයි (හේ)
හොඳයි හොඳයි ඔහොම යමු. (නි)
බලන් යද්දි මොන ආණ්ඩුවත් එකයි.(හේ)
බලමු මොකක්ද වෙන්නේ කියලා ඉදිරියට.(හේ)
සියල්ල හොද විදියට විසදෙයි.(හේ)
දැන්නම් මිනිස්සු වාහන ගන්න එක අඩු කරනවා.(හේ)
දැන් වාහන ගන්න ප්‍රමාණය ගොඩක් අඩු වෙයි.(හේ)
මේ ක්‍රමය හොදයි.(හේ)
ලංකාවේ වාහන වැඩියි ඒ නිසා මේක හොදයි.(හේ)
මොකක්ද මේකට හේතුව.(හේ)
මිනිස්සුන්ට වෙලාවට සැප පහසුව යන්න විදියක් හැදුවනම් හරිනේ. (හේ)
එකෙන් අපි අනාතයි.(හේ)
පොදු ප්‍රවාහන සේවය හරියට තියෙනවනම් ඔය මුකුත් ඕනි නැහැ. (හේ)
අද වාහනයක් ගන්න හිටපු අයට මොනවා හිතෙන්න ඇද්ද?(හේ)