IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වාහන ආනයනයට ණයවර ලිපි 596 ක් විවෘත කරලා

වාහන ආනයනයෙන් මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 450 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වාහන ආනයනය කිරීමට ණයවර ලිපි 596 ක් විවෘත කර තිබෙන බවත් මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 272 ක් වටිනා මෝටර් රථ මුදාහැර ඇති බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

වාහන ආනයනයෙන් මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 450 ක මුදල උපයා ගැනීමට තමන්ට හැකි වනු ඇති බවත් වාහන ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් වියදම් කරන සෑම ඇමෙරිකානු ඩොලරයකටම රජය ඇමෙරිකානු ඩොලර් 1.7 ක් උපයන බවත් ඔහු එහිදී පැවැසුවේය. එහෙත් රජය ඉපැයීමට බලාපොරොත්තු වූයේ වාහන ආනයනය කිරීම සඳහා භාවිත කරන සෑම ඩොලරයකටම ඩොලර් 1.5 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.

පළමු මාස හතරේදී වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක මුදලක් බදු ආදායම ලෙස උපයා තිබෙන බවද ඔහු පැවැසුවේය. කෙසේ නමුත් වාහන ආනයනයෙන් ඉහළ ආදායමක් ලබා ඇතත් මෙම අවස්ථාවේදී පනවා ඇති බදු ප්‍රතිශත පහළ දැමීමට හැකියාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

වාහන ආනයනයට ණයවර ලිපි 596 ක් විවෘත කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site