IMG-LOGO

වාහන ආනයන බදු තවත් ඉහලට

 

  • ආනයනය කරන වාහනවලට අලුත් බදුවර්ග හතරක්
  • මේ බදු ගැන රජය තවම අනාවරණ කර නෑ
  • ගැසට් පත්‍රයේ ඇත්තේ නිෂ්පාදන බද්ද පමණයි
  • කලබල වෙලා මුදල් ගෙවන්න අවශ්‍ය නෑ

වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුගිය ජනවාරි 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මෝටර් රථ නිෂ්පාදන බද්ද පිළිබඳ සටහනක් පමණක් බවත්, වාහන ආනයනය සඳහා වන අවසන් බද්ද තවත් බදු කිහිපයක් එක්ව තීරණය වීමට නියමිතව ඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව පැහැදිලි කළේය. “වාහන ආනයනය සඳහා වන රජයේ නිෂ්පාදන බදු සියයට 200 ත් සියයට 300 ත් අතර පවතිනවා. ඇතැම් වාහන සඳහා එය සියයට 400 ත් සියයට 500 ත් අතර අගයක් ගන්නවා.”

මේ අතර, 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අනුව අලු‍තින් ආනයනය කෙරෙන වාහන සඳහා එක් කර ඇති නව බදු වර්ග හතරක් හේතුවෙන් නව වාහන ආනයන බදුවල වටිනාකම සියයට 600 ක් අතර අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පවසයි.

“ජනාධිපතිවරයා නිකුත් කළ මේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ එක්තරා නිෂ්පාදන බදු සම්බන්ධයෙන් පමණයි. ඒත් මෙම වාහන ආනයනය සම්බන්ධයෙන් 2024 සැප්තැම්බර් 12 වැනිදා නිකුත් කෙරුණු කැබිනට් නිවේදනය මගින් වාහන ආනයනයේදී අය කරන බදු වර්ග හතරක් පිළිබඳව ඇතුළත් වෙනවා. ඉන් පළමුවැන්න වාහනයේ එන්ජිමේ ධාරිතාව අනුව අය කරන නිෂ්පාදන බද්ද. ජනපතිවරයා නිකුත් කළේ ඒක. ඊට අමතරව විශේෂ ආනයන බද්දක් වාහනයේ වටිනාකම මත තීරණය වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බද්ද ඇතුළත් වෙනවා. මෙම බදු තුන CIF ගාස්තු එකතු වෙලා, ඊට උඩින් තවත් සියයට 18 ක වැට් බද්දක් එකතු වෙනවා.

කොහොම වුණත් මේ බදු වර්ග සියල්ලම එකතු කළාම, සියයට 400 ක සියයට 500 ක වගේම සමහර වාහන සඳහා සියයට 600 ක බදු ඉහළ යාමක් සිදුවෙන්න පුළුවන්.” ඒ මහතා පවසා සිටියේය.

ඒ අනුව අලු‍තින් ආනයනය කරන වාහනයක බදු පිළිබඳව තීරණය කිරීම මෙම බදු වර්ග හතර අනුව සිදුවන බව මානගේ මහතා පවසයි. එහෙත් මෙතෙක් මෙම බදුවල අගය රජය මගින් අනාවරණය කර නොමැති නිසා පැහැදිලි අදහසක් ලබා දිය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මානගේ මහතා, “රජය සැලසුම් කර ඇති ආකාරයට ලබන පෙබරවාරි මාසයේ සිට මේ වාහන ආනයන සීමා ලිහිල් කිරීම කරන තෙක් අපිට ඉන්න වෙනවා. ජනතාවට කියන්නෙත් කලබල වෙලා කාටවත් මුදල් ගෙවන්න එපා. වාහන රටට එනකම් ඉමු. එතකොට තරගකාරීත්වය ඇතිවෙලා වාහන මිල තීරණය වේවි. රජය වසරකට වාහන ගෙන්වන්න ඩොලර් බිලියන 1 ක් නිදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ වසරකට වාහන 40,000 ක් පමණ ගෙන්වීමේ හැකියාවක් තිබෙනවා.” යනුවෙන්ද පැවසීය.

මේ අතර දැනට පවතින තත්වයත් සමගින්ම ඇතැම් පෙට්රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා ඉහළ යා හැකි මිල ගණන් සම්බන්ධයෙන්ද අදහස් මතුව තිබේ. ඒ අනුව, සුසුකි එව්රි මෝටර් රථයක් සඳහා එය රුපියල් ලක්ෂ 1.3 ක් ලෙසත්, ටොයොටා කොරොල්ලා රථයක් සඳහා එය රුපියල් ලක්ෂ 66 ක් ලෙසත්, නිසාන් ඩේස් මාදිලිය සඳහා ලක්ෂ 19 ක් ලෙසත් වනු ඇතැයි පැවසෙයි. එසේම හයිබ්‍රිඩ් මාදිලියේ වාහන යටතේ සුසුකි වැගන් ආර් සහ හොන්ඩා ෆිට් රථයක් සඳහා වන බදු අය කිරීම පිළිවෙළින් රුපියල් ලක්ෂ 18 ක් සහ 35 ක් වනු ඇතැයි පැවසෙයි. මීට අමතරව ඉහළ මාදිලියේ ටොයොටා ප්‍රියුස් රථයක් සඳහා එය රුපියල් ලක්ෂ 113 ක් වනු ඇතැයිද පැවසෙයි.

මීට අමතරව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා තවත් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමක් සිදු කරමින්, පැරණි වාහන ආනයනය සම්බන්ධයෙන් වන සීමා කිරීම් සම්බන්ධයෙන් රජය යළි සලකා බැලිය යුතු බව පවසා ඇත. ඒ අනුව එම මෝටර් රථ නිෂ්පාදිත දිනයේ සිට වසර පහක් පැරණි වාහන ආනයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බව පවසා ඇත. ජපානය සාමාන්‍යයෙන් සෑම වසර පහකට වරක්ම වාහන භාවිතයෙන් ඉවත් කිරීම ඊට හේතුව බවත් ඔහු පවසයි. එසේම මෙම පියවර හේතුවෙන් පිරිවැය අඩු වනු ඇති බවත්, පාරිභෝගික විසඳුම් තවත් පුළුල් වනු ඇති බවත් පවසයි.

මේ අතර රජය මෑතකදී ඉන්ධන සම්බන්ධයෙන් නිකුත් කළ බදු අය කිරීම්වලට අනුව 2024 ජනවාරි මාසයේ සිට පැවැති බදු අය කිරීම් නොවෙනස්ව පවතී. ඒ අනුව පෙට්රල් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 72 ක් ලෙස පවතිනු ඇති බවත්, ඩීසල් සඳහා එය ලීටර් 57 ක් සහ ඔටෝ ඩීසල් සඳහා එය රුපියල් 50 ක් ලෙස පවතිනු ඇති බවත් සඳහන් වෙයි. 



අදහස් (0)

වාහන ආනයන බදු තවත් ඉහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 703 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1100 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site