2020 මාර්ත මස 19 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෝටර් රථ ආනයනය සපුරා තහනම් කෙරුණි. වාහන ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණයත් සමග එම ක්ෂේත්‍රය ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ව්‍යාපාරිකයන් හා ඔවුන්ට අයත් එම ව්‍යාපාරවල සෘජුව හා වක්‍රව සේවය කරමින් සිටි වැඩි පිරිසක් බරපතළ දුෂ්කරතා රැසකට මුහුණ දුන්හ. වාහන සේල්වලින් සියයට හතළිහක් පමණ වැසී ගියේය. එයට බලපානු ලැබුවේ අලෙවි කිරීමට අලුත් වාහන නොමැති වීම යි. වෙළෙඳපොළ තුළ තිබූ සියලුම වාහන මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, වාහන මිල දී ගැනීමට බලාපොරොත්තුව සිටින පාරිභෝගිකයන් ද ඒ නිසා දුෂ්කරතාවට පත්ව සිටියේය. රට තුළ තිබෙන වාහන ප්‍රමාණය පමණක් එකිනෙකා අත විකිණීම හේතුවෙන් කෘත්‍රිම මිලක් නිර්මාණය විය. වාහන ව්‍යාපරිකයන්ට මෙන්ම අලුත් වාහන මිලදී ගැනීමට බලා සිටි පාරිභෝගිකයන්ට සුභ ආරංචියක් එක් කරමින් වාහන ආනයනයට අවසර ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පසුගිය පෙබරවාරී මස සිදු විය. මෙරට පනවා තිබූ වාහන ආනයන සීමා අදියර 3 ක් යටතේ කොන්දේසි සහිතව ඉවත් කිරීමට නව රජය කටයුතු කළේය.
මෙම සීමා ඉවත් කිරීමෙන් පසුව මේ වන තෙක් වාහන 5000 ක් පමණ කොළඹ සහ හම්බන්තොට යන වරායන් ද්විත්වය ඔස්සේ මෙරටට ගෙන්වා ඇත. වාහන මෙරටට ගෙන්වීමට අවසර දුන් පසු වාහන මිලදී ගැනීමට බලාසිටි කොයි කවුරුත් සිතා සිටියේ වාහන මිල අඩු වේ යැයි සිතාය. එහෙත් සිදු වූයේ තිබූ ගණන් දෙගුණ තෙගුණ කරමින් වාහන මිල ගණන් ඉහළ යාමයි. ඒ තුළින් වාහන මිලදී ගැනීමට බලාසිටි පාරිභෝගිකයන්ගේ සිහිනය බොඳ වූ බව නොරහසකි.
මේ දිනවල වාහන වෙළෙඳාම සම්බන්ධයෙන් වාහන විකුණුම්කරුවන් දැක්වූයේ මෙවැනි අදහස් ය.
ඔසාකා කාර් සේල් හි කළමනාකරු එම්. එස්. ඒ සරීෆ් මහතා
මේ දිනවල වාහන වෙළඳාම සාමාන්‍ය ලෙස කෙරීගෙන යනවා. පාරිභෝගිකයෝ වාහන මිලදී ගන්න පැමිණෙනවා. වාහන මිල ගැන කියනවානම් මිල ගණන් හරියට කියන්න බෑ. ගණන් වෙනස් වෙනවා. අද තියන මිල ආයේ ආනයනය කරද්දි වෙනස් වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දි මිලත් වැඩි වෙනවා. කොච්චර මිල ඉහළ ගියත් ගන්න අය ගන්නවා. අපෙන් වාහන ඉල්ලුම් කරන විදියට අපි සපයනවා.
ඒ.ආර්.ඒ. එන්ටර්ප්‍රයිසස් හිමිකරු මොහොමඩ් ආසික් මහතා
ලියාපදිංචි නොවූ අලුත් වාහන තමයි මේ දවස්වල වැඩියෙන් බිස්නස් වෙන්නේ. අලුත් වාහනවල මිල එක්ක තමයි ලියාපදිංචි වූ පරණ වාහනවලටත් මිලක් තීරණය වෙන්නෙ. එහෙම නැතුව පරණ වාහනවලට නියමිත මිලක් නෑ. අලුත් වාහන මාර්කට් එක හරියට හැදෙනකන් ලියාපදිංචි වාහන විකිණෙන්නේ නෑ. අලුත් වාහන තමයි විකිණෙන්නේ. අපිට ඕනම වාහනයක් ආනයනය කරන්නත් හැකියාව තියනවා. කිසිම වාහනයක් ගෙන්නන්න බැරි කමක් නෑ. කලින් ලක්ෂ 800ක් වගේ මිලකට විකුණූ වාහනයකම 2024, 2025 වර්ෂයේ නව නිෂ්පාදිතයක් ලක්ෂ 450 ට වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ එකට එකක් වාහන මිල අඩුවෙලා තියෙන්නේ. 2013 වර්ෂයේ නිෂ්පාදිත ලක්ෂ 200 වගේ වාහනයක් ගන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ මොකද ඒ ගණනට දැන් අලුත් වාහනයක්ම මිලදී ගන්න පුළුවන් නිසා. හොන්ඩා වෙසල්, සී එච් ආර් වාගේ වාහන ඒ මිලට අලුතින් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා පරණ වාහන පාරිභෝගිකයෝ ගන්නෙ නෑ.
ප්‍රිමියර් මෝටර්ස්හි අලෙවිකරුවකු වන හමාස් මුක්තාස් මහතා
වාහන මිලදී ගන්න පාරිභෝගිකයෝ එනවා. පාරිභෝගිකයෝ වාහන ඉල්ලුම් කරනවා. අපි ඒ ඉල්ලුම් කරන වාහන ආනයනය කරලා දෙනවා. නව වාහන මිල නම් ටිකක් වැඩී තමයි. ඒවුණාට පරණ වාහනවලට තියන මාකට් එක අඩුයි.
එස්.එස්. මෝටර්ස්හි කළමනාකරු එම්. එස්. එන්. කාන් මහතා
ආනයනය කරන්න පටන් ගත්තට පස්සේ අලුත් වාහන ගන්න බලන් හිටපු අය වාහන ගන්න ආවා. හොඳට බිස්නස් තියනවා ඒ නිසා. පරණ වාහන තියන අය කොහොමහරි වාහන විකුණන්න තමයි බලන්නේ. ඒත් පරණ වාහන මාකට් එක තාම ස්ථාවර නෑ. පරණ වාහන ගන්නවාට වඩානම් අලුත් වාහන ගන්න එක තමයි ලාභ. මොකද අලුත් වාහනයි පරණ වාහනයි අතර ලොකු මිල පරතරයක් නෑ. ආනයනය කිරීම් සම්බන්ධයෙන් ගැටලු තියනවා. ඉල්ලුම් කරපු වාහනයක් නැව් පමාවීම නිසා අපිට ලැබීමෙදී ගැටලු තියනවා. ඒ වගේම වාහන කොළඹ වරයට සහ හම්බන්තොට වාරායට තමයි එන්නේ. හම්බන්තොට වරායට එන වාහන කොළඹට ගෙන ඒම අභියෝගයක්. හම්බන්තොට ඉඳන් ඒව කොළඹට ගේනවා කියන්නේ කිලෝ මීටර් 200ට වඩා එන්න ඕන. එතකොට ඒවා ගේන්නත් අපිට වියදම් යනවා. එතකොට පාරිභෝගිකයන්ටත් පාඩුයි. මොකද මිල වැඩිවෙන නිසා.
රවින්ද්‍ර මෝටර්ස්හි හිමිකරු වූ සුජීව තේනුවර මහතා
වාහන ආනයනයෙන් පස්සේ වාහන බිස්නස් හොඳයි. අප්‍රේල් මාසේ එහෙම හොඳට බිස්නස් තිබ්බා. අලුත් වාහන ගන්න අවුරුදු ගාණක් බලන් හිටපු අය වාහන මිලදී ගත්තා. පරණ වාහන මාකට් එකනම් අඩු වෙලා තියෙන්නේ. අලුත් වාහන ගෙන්නනවා කියන ආරංචියත් එක්කම පරණ වාහන මිල ගණන් ඉහළ ගියා. ඒවුණාට දැන් පරණ වාහනවලත් මිල ගණන් අඩු වීමක් තියනවා අලුත් වාහන ගෙන්වීම එක්ක. අලුත් වාහන මිල ගැන කියනවා නම් වැගන් ආර් එකක් ගත්තොත් 2014 නිෂ්පාදිත වාහනයක් දැන් ලක්ෂ 50 ට වඩා වැඩී. 2024 වගේ නිෂ්පාදිත හයිබ්‍රිඩ් වැගන් ආර් එකක් ලක්ෂ 80ට වඩා වැඩී. පෙට්‍රල් වැගන් ආර් එකක් ලක්ෂ 75 ත් 80 ත් අතර වෙනවා. වාහන ආනයනය ගැන කියනවා නම් වාහන කස්ටම් එකෙන් නිදහස් කර ගන්න යම් කාලයක් බලන් ඉන්න වෙනවා. ඒවගේ ගැටලු තමයි ආනයනයේදී තියෙන්නේ.
මැක්ස් වර්ල්ඞ් ට්‍රේඩින් හි අධ්‍යක්ෂ අයි ෆයිසාල් මහතා
මේ දවස්වල වාහන වෙළෙඳාම නම් හොඳ තත්වයක තියනවා. ලොකු ලොකු ගණන්වල වාහනවලට වඩා පොඩි වාහන තමයි වැඩියෙන් විකිණෙන්නේ. වැගන් ආර්, වෙසල් වගේ වාහන වැඩියෙන් විකිණෙනවා. වෙසල් එකක් ලක්ෂ 200 ඉදල ලක්ෂ 235 අතර ගණන්වලට විකිණෙනවා. අලුත් වැගන් ආර් එකක් ලක්ෂ 80 ත් 90 ත් අතර වගේ වෙන්වා. පරණ එකක් ලක්ෂ 60 ත් 70 ත් අතර වෙනවා. එහෙම බලද්දි අලුත් එකක් ගන්න එක තමයි ලාභ. ආනයනය ගැනනම් ගැටලු නෑ. ඕනම වාහනයක් ආනයනය කරන්න පුළුවන්.
ශෂිකා අබේරත්න
ජායාරූප - ඉසුරු පෙරේරා
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වාහන අලෙවිය අඩුවෙලාද ?