(රොමේෂ් මධුෂංඛ)
ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්‍ය තරමට ලුණූ ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිලිබඳ අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) මන්නාරම මාන්තෙයි ලුණු කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා සහභාගී වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
“යුද සමයේ වසා දමා තිබු අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව හා මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව සංවර්ධනය කර සැලකිය යුතු ලුණු නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ වගේම මෙම ලුණු ලේවායන් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනය වැඩි දියුණු කිරීම හරහා ලුණු අපනයනය නවතා දැමීමට හැකියාව ලැබෙනවා. මෙමගින් විශාල පිරිසකට රැකියා අවස්ථාද හිමි වෙනවා.
2017 වසරේ මේ දක්වා කාලය තුළ මන්නාරම ලුණු කර්මාන්ත ශාලාව තුළින් ලුණු ටොන් 6000 ක් හා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවෙන් ලුණු ටොන් 5000 ක් ද නිෂ්පාදනය කරලා තියෙනවා. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉස්කෝලේ යන කාලේ අපිට ඕනෑවටත් වඩා ලුණු තිබුණනේ...! කවද ඉඳන්ද ආනයනය කරන්න පටන් ගත්තේ? අනේ අපේ කර්මාන්ත වලට යන කල...!
රට වටේම මුහුද සහ ලුණු නිෂ්පාදනයට ඉතාමත්ම සුදුසු කාලගුණය සහ ඉඩම් තියෙන රටක් වෙලත්, හිතාගන්නත් බැරි තරමේ සුළු වියදමකින් නිපදවාගන්න පුළුවන්කම තිබිලත්, අඩුම තරමේ රටේ අවශ්‍යතාවයට ඕනෑ කරන ලුණු ටිකවත් තවම අපේ රටට නිපදවාගන්න බැහැ. කරවල වලටත් මේ කතාව තමයි කියන්න තියෙන්නේ.. තව මොන කතාද?... සුද්දා මේ රට පාලනය කළානම් අද වෙනකොට සිලෝන් ලුණුයි, කරවලයි ලෝකෙටම බෙදන රටක් බවට පත්කරලා ..
රට වටේට සාගරය නමුත් රටින් ලුණු ගේනවා. හිනා වෙන්නද අඬන්නද මේවට? ලොකු ලොකු ප්‍රොජෙක්ට් ගැන කියලා මිනිස්සු අඬන්නේ නැතුව අඩුම තරමේ රටට අවශ්‍ය ලුණු ටිකවත් හදන්නකෝ !!!
මුහුද තියෙන හැම තැනින්ම ලුණු නිෂ්පාදනය කරන්න බෑ. ඒකට වසර පුරාම හිරු එළිය අඛණ්ඩව ලැබෙන්න ඕන වගේම වර්ෂාව අවම මට්ටමක තියෙන්න ඕනෑ. ඒ වගේම යම් රටකට යම් දෙයක් ආනයනය කරන්නේ ඒ රටේ ඒ දේ නිපදවන්න බැරි කමකට නෙවෙයි. ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ලුණු, ලංකාවේ ලුණු වලට වඩා අඩු මිලකට වෙළෙඳසැල්වල තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ ලුණු ලේවායන්හි මෙහෙයුම් අඩපණ වෙලා තිබ්බ නිසා විදේශීය ලුණු ලංකාවට එන්න හොඳ පසු බිමක් හැදුනා.
පසුගිය කාලයේ පත්වුණු බොහෝ දේශපාලකයෝ බැලුවේ මොන කුණුගොඩක් හෝ පිටරටින් ගෙන්වා කොමිස් ගහන්න. එ්ක නිසා කර්මාන්ත ගියේ වල පල්ලටයි.