ශ්රී ලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද සංවිධානය කර තිබිණි.
එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.
වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස් 330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ. මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත් සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස් 330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.
මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.
මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ් L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.
කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස් 330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමිරේට්ස් සමඟම පාලනය කළ කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක්. මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කළා නම් මීටවඩා සේවයක් ජනතාව ලැබෙනවා. මෙම නාස්තියෙන් වැඩි කොටසකට වගකියන්න ඕනෑ හිටපු නිලධාරීන්. (නි)
අපේ රටේ ගුවන් යානා හදන්න දන්න අය ඉන්නවා. ඒ අයට අවස්ථාවක් දෙන්න කව්රුත් නෑ. (ර)
මේ ගුවන් යානා කුලී පදනමින් ජාත්‍යන්තර සමාගම් වලින් ගත්තු ඒවා . ඒවා ඔවුන්ටම බාර දෙනවා . අලුතෙන් ගෙනාපු ඒවත් එහම තමයි. අපේම කියලා නැහැ .දිගු කාලින කුලී පදනමට ගන්න ඒවා. (ර)
මම දන්න විදියට ලංකාව වගේ රටකට මේ විදියට ගුවන් යානා බද්දට ගන්න එක මිලදී ගන්නවට වඩා වාසියි (නි)
අවුරුදු 21ක් කියලා කියන්නවත් බෑ.(හේ)
මේ වගේ පුවත් පල වෙන එකත් ලොකු දෙයක්.(හේ)
මාත් දවසක ඔය ගුවන් යානේ ගියා. ඒ ගැන සතුටුයි.(හේ)
තව දුවන්න පුළුවන්.(හේ)
මන් දන්න විදියට ලංකාව වගේ රටකට මේ විදියට ගුවන් යානා බද්දට ගන්න එක මිලදී ගන්නවට වඩා වාසි.(හේ)
බටහිර තාක්ෂණය ඉතා වේගවත් නිසා ඒ රටවල් වැඩකටයුතු දිගටම කරගෙන යනවා. අපිට ගොඩාක් අඩුපාඩු තිබෙනවා. නමුත් අපේ ඉන්ජින්නේරුවන් ඉතාම දක්ෂ පිරිසක්. ඒ නිසා සුබ අනාගතයකට මේ අයට සුබ පතනවා. (නි)
ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යානවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් . (කෞ)
ඔය පම්පෝරි ගැහුවට හැම අවුරුද්දකම රුපියල් කොටි 1500- 2000 අතර මුදලක් මෙහි පාඩුව පියවීමට මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙනවා , එමිරටෙස් සමගම පාලනය කල කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක් .මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කලානම් මෙයට වඩා සේවයක් ජනතාව ලැබෙනවා (කෞ)
සිල්වා හරි. ඔය පම්පෝරි ගැහුවට ඒ ගැන දන්නෝ දනිති. කලින් හිටපු ලොක්කෝ නාස්ති කළ මහජන මුදල් වලින් එක යානයක් හරි අපිටම කියලා ගන්න තිබුනා (නි)
ශ්රී ලංකන් ඉංජිනේරුවන් සහ කාර්මිකයන්ට ලෝකයේ අනෙක් ගුවන් සමාගම් වල හොඳ පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකන් එකේ ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බවට ශ්‍රී ලාංකිකයන් අතර මතයක් තිබෙනවා. එම නිසා ශ්‍රී ලාංකිකයන් වෙනත් ගුවන් සමාගම් තෝරාගැනීමට පෙළඹෙනවා. මෙය පාඩු ලබන්නට මේකත් එක්තරා හේතුවක් (නි)
මෙම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවයට ආයෝජනය කළා නම් මීට වඩා සේවයක් ජනතාව ලැබෙනවා. එමිරේට්ස් සමඟම පාලනය කළ කාලයේ මෙය ලාභ ලැබූ ආයතනයක්.මෙම නාස්තියෙන් වැඩි කොටසකට වගකියන්න ඕනෑ හිටපු නිලධාරීන්. (කෞ)
දුකයි (බ)
විජිත් මහත්මයාගේ විස්තරය අපි අගය කරනවා. (නි)
විජිත් මහත්මයාගේ විස්තරය අපි අගේ කරනවා. (බ)
විජිත් මහත්මයාගේ විස්තරය අපි අගය කරනවා. (නි)
ශ්රී ලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලයට මාගේ ප්‍රනාමය. (ර)
අනේ දැන් ඕක මට ලබාගන්න පුලුවන් නම්.... (නි)
දශක දෙකක් පුරා මෙම යානා නිසිලෙස නඩත්තු කළ කාර්ය මණ්ඩලය ගැන නොකියාම බැහැ. ඔවුන්ගේ දක්ෂ බව නිසයි මෙපමණ කලක් මෙම යානා හොඳින් පැවතුනේ. (නි)
විශ්‍රාම යැවූ මෙම ගුවන් යානා වලට දැන් මොනවද කරන්න යන්නේ? (නි)
නන්දලාල්, සමහරවිට මේවා වෙනත් කුඩා ගුවන් සමාගමක් ගන්නවා ඇති. (නි)
නන්දලාල් මහතා අසන ප්‍රශ්නයත් වැදගත්. මෙම ගුවන් යානාවලට දැන් මොකද කරන්නේ? අවුරුද 20 ක කාලයක් පාවිච්චි කළ නිසා ගුවන් ගමන් වලට යොදාගත හැකිවේද? (නි)
ඉරානය වැනි බටහිරින් සම්බාදක පැනවූ රටවල් මේ වගේ සේවයෙන් ඉවත් කරන ගුවන් යානා මිලදී ගන්නවා. මොකද ඒ රටවල් වලට කෙලින්ම ඒයර් බස් සමාගම යානා විකුනන්නේ නැති නිසා. (ර)
වාස් ගුණවර්ධනට දැන් පණ නැත ඕක ගන්න රජා හිටියානම් (බ)
රථවාහන සදහා තිබෙන අබලි රථගාලවල් වගේම ගුවන් යානා සඳහාත් අක්කර දහස් ගණනක් වෙනකල් ගුවන් තොටුපල් තියෙනවා. මේවායේ ප්‍රධානම ගුවන්තොටුපලවල් තියෙන්නේ ඇමරිකාවේ හා රැසියාවේ. ඇමරිකාවේ ඇරිසෝනා, කැලිෆෝනියා හා ටෙක්සාස් ප්‍රන්ත වල මේවා දැක ගත හැකියි. ගුවන් සමාගම් කරන්නේ සමහර භාවිත කළ හැකි උපකරණ ඉවත් කරගෙන අදාල ගුවන්තොටුපලට යම් මිලක් ගෙවා එහි තැන්පත් කිරීමයි. (බ)
මේ ළඟදි අපිට කිවුවා කට්ටියක් ශ්‍රී ලන්කන් එකට එක ගුවන් යානයක්වත් නැහැ කියලා. මේ මොකද්ද? අලුතින් ගත් එකද්ද? (නි)
ඕවා ගන්නේ ලීස් එකට ඒවා අයෙත් ඒ කොම්පැණි වලටම දීලා දානවා. දැන් එකේ කාලය ඉවරයි. (ර)
නන්දලාල්, මේ ගුවන් යානා අපිට අයිති ඒවා නොවෙයි. නිශ්චිත කාලයකට වෙනත් සමාගමකින් එසේත් නැතිනම් මවු සමාගමෙන් " බද්ධට " ගත් ඒවා. කිහිපයක් මිලදී ගත් ඒවායි. බදු කාලය අවසන් වුනහම.අ පි තීරණය කරන්න ඕන තවදුරටත් මෙයාවම තියාගන්නවාද එහෙම නැතිනම් මෙයාගේ ලඟදි ඉපදුන සහෝදරයාව බද්ධට හරි මිලදිලාම හරි ගන්නවාද කියලා. මොකද අලුත් සහෝදරයා, හැමදාම අලුත්වන තාක්ෂණයෙන් සපිරුණ කෙනෙක් නිසයි. මේ යානා දශක දෙකක් කිසිම උපද්‍රවයක් නැතිව උපරිම සේවය ලබා දුන්නේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින අතිදක්ෂ ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ කැපවීම මතයි. මේ ගුවන් යානා කලින් කලට එක එක පරීක්ෂණයන්ට යොමුකරනවා. ඒ නිසා උපද්‍රව අඩුවෙනවා. මම කීව පරීක්ෂණ වල වැදගත්ම එක තමයි " ඩී චෙක් " එක කියා හඳුන්වන්නේ. දැනට අවුරුදු 25 ක විතර ඉඳලා අපේ රටේම සිදුකරනවා. ඊට කලින් එය සිදුකලේ සින්ගප්පුරුවෙයි. ඒ නිසා විශාල මුදලක් සිංගප්පුරුවට ඇදී ගියා. මේ" ඩී චෙක් " එකේදී ගුවන්යානයේ " බඳ " අලුතෙන්ම සවිකරනවා. සමහර විට යොදාගන්න " රිවට් "ඇන වල බරෙහි වෙනසක් නිසා "ඩී චෙක් " එකෙන් පසු යානයේ බරෙහි ඉතාමත්ම සුළු වැඩිවීමක් පෙන්වුවහොත්... ගුවන් යානයේ එක අසුනක් අයින් කරනවා. මෙයින් ඔබට තේරෙනවානේද අපි රටේ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සේවය කරන ඉංජිනේරු ශිල්පීන්ගේ හැකියාව සහ දක්ෂතාවය. ඇත්තටම මේ ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුමයි. (ර)
ලංකාව බදු ක්‍රමයට මෙම ගුවන් යානා අරන් , පසුගිය කාලයේ ඒවාට ගෙවිය යුතු වාරික බදු මුදල් කෝටි ගණන් ගෙව්වේ අපේ මහජන බදු මුදල් වලින්, , ගුවන් සමාගම මෙහෙයෙවන්න හිටපු සභාපති 8 වසර වත් පාස් නැති , පවුල් සාමාජිකයෙක් , ඔහු සමහරවිට ඔහුටම ගුවන් යානයක් ගන්නට මුදල් සොයා ගන්න ඇති (බ)
රථවාහන සදහා තිබෙන අබලි රථගාලවල් වගේම ගුවන් යනා සදහාත් අක්කර දහස් ගනනක් වෙන්කළ ගුවන් තොටුපල් තියෙනවා. මේවායේ ප්‍රධානම ගුවන්තොටුපලවල් තියෙන්නේ ඇමරිකාවේ හා රැසියාවේ. ඇමරිකාවේ ඇරිසෝනා, කැලිෆෝනියා හා ටෙක්සාස් ප්‍රන්ත වල මෙවා දැක ගත හැකියි. ගුවන් සමාගම් කරන්නේ සමහර භාවිත කළ හැකි උපකරණ ඉවත් කරගෙන අදාල ගුවන්තොටුපලට යම් මිලක් ගෙවා එහි තැන්පත් කිරීමයි. (බ)
සමහරු මෙලෝදෙයක් දන්නේ නැතුව ඔහේ අදහස් දානවා. මේ එකක්වත් අපිට අයිති යානා නෙමෙයි. (නි)
චමල් ඔය දන්නා දේ ගැන අපටත් දැන ගන්න කියනවද? (බ)
ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එ්ක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යානාවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් (බ)
ඉරෝෂ් විජිත් ගේ අදහස බලන්න. එක තමයි සත්‍ය. මේවා අපිට අයිති ඒවා නෙමෙයි. එකම යනවක්වත් නැති ගුවන් සමාගම ශ්‍රීලන්කන් . (කෞ)