IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විසි දහස ඉක්මවීම මොහොතකට පමණක් සීමාවේ

ගනුදෙනු ආරම්භ කර පළමු භාගයේ දී එනම් ඊයේ (අගෝ. 04) පෙරවරු 9.84 වන විට සියලු කොටස් මිල දර්ශකය 20,032 ඉක්මවන ලද නමුත් විනාඩි දහයකට පමණක් සීමා විය. වර්ධනය පදනම් කරගෙන ලාබ උපයන අපේක්ෂා සහිත වූ ගනුදෙනු හුවමාරුව තුළ දර්ශක වේගයෙන් පිරිහීමකට පත්විය. ණය පදනමකින් කොටස් මිලදී ගෙන තිබුණු ඇතැම් ගනුදෙනුකරුවන් වහාම විකුණා සිට අලාභ අවම කරගැනීමේ සූදානම තුළ තවත් වටයකින් දර්ශක පහත වැටුණු බව සඳහන් කළ යුතුය. 

මේ අතර ඇමෙරිකාව පනවන ලද අන්‍යොන්‍ය බදු ප්‍රතිශතය සියයට විස්සක් දක්වා අඩු කරගැනීමට සමත් වීම පසුපස ඇති කොන්දේසි ගැන ආයෝජන අංශ අවධානය යොමු කර තිබේ. සන්ඩේ ටයිම්ස් මාධ්‍ය වාර්තා අනුව ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ උත්සාහයක් ඇති බව අනාවරණය වේ. මෙහිදී ආර්ථිකයට බලපාන පැති සලකා බලන අංශ එහි අවාසි ගැන අවධානය යොමුකර ඇති බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් වෙළෙඳපොළ තත්ව නැවත වතාවක් වර්ධනය වන බව පැහැදිලිය. මිලදී ගැනීමේ වුවමනාව ආයෝජන අංශ තුළ ඇත. සමාගම් ගණනාවක මූල්‍ය වාර්තා සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී කොටස් සඳහා ඉහළම ඉල්ලුමක් අපේක්ෂා කළ හැකිය.

සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඒකක 19,786.23ක් දක්වා පහත වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 128.02ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,857.61ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 37.14ක පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 4.53ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 39,707කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 157.4ක් විය. සමාගම් 78ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 165කි. කෙසේ වෙතත් විදේශ සහභාගීත්වය සලකා බලන පසු විකිණීම් ඉහළය. ගැනුම් රු. මිලියන 67.1 ක් වූ අතර විකිණීම් රු. මිලියන 211.1කි. රටට සිදුවී ඇති ශුද්ධ අවාසිය රු. මිලියන 144ක් බව සඳහන් කළ හැක. 

ඩී.එෆ්.සී.සී. රු. මිලියන 258ක්, පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 254ක්, ජෝන් කීල්ස් රු. මිලියන 238ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 216ක්, රෝයල් සෙරමික් රු. මිලියන 202ක්, සම්පත් බැංකුව රු. මිලියන 145ක්, එන්.ඩී.බී. රු. මිලියන 134ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.

නිරීක්ෂක



අදහස් (0)

විසි දහස ඉක්මවීම මොහොතකට පමණක් සීමාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site