(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
වියළි ගම්මිරිස් කිලෝවකට රුපියල් 750 ක සහතික මිලක් නියම කර දිස්ත‍්‍රික් ලේකම්වරු හරහා ඒ දිස්ත‍්‍රික්කවල නිපදවන ගම්මිරිස් අස්වැන්න රජය මැදිහත්ව මිලදී ගන්නා බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.
කුලූ බඩු පිටරටින් ගෙන්වීම නැවැත්වීමෙන් පසු වෙළපොලේ ගම්මිරිස් මිල ඉහළ ගියත් දැන් යළිත් ගම්මිරිස් මිල පහත වැටී ඇති නිසා මෙලෙස සහතික මිලක් නියම කර තිබේ.
රජය විසුරුවා හැරිය ද ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරගෙන යාමට අවශ්‍ය සැලසුම් මෙන්ම උපදෙස් මේවනවිට දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍යවේදී කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
ලංකාවේ ගුණාත්මක බවින් ඉහළම ගම්මිරිස් ඇත්තේ කොලොන්නේ බවද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. ඊට අමතරව බොහෝ ප‍්‍රදේශවල ගම්මිරිස් ප‍්‍රධාන ආදායම කරගත් ගොවි පවුල් ජීවත්වන ප‍්‍රදේශ ගණනාවක් ඇති බව ද කීවේය.
රත්නපුර, ගාල්ල, මාතර, මොණරාගල, බදුල්ල, කෑගල්ල, මහනුවර, මාතලේ ආදි දිස්ත‍්‍රික් ගණනාවක් පුරා ගම්මිරිස් වගාකරුවෝ සිටින බවද කීවේය. රත්නපුර දිස්ත‍්‍රක්කයේ පමණක් ගම්මිරිස් සහ සුළු අපනයන බෝග වගා කරන පුද්ගලයන් 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් සිටින බව කී රාජ්‍ය ඇමැතිවරයා ගම්මිරිස් සඳහා සහතික මිලක් නියම කර අස්වැන්න මිලදි ගැනීමට රජය මැදිහත්වීමත් සමඟ පෞද්ගලික වෙළෙන්දාට ගම්මිරිස් ගොවියා සූරා කෑමට නොහැකි වනු ඇති බවත් පැවසීය.
ගම්මිරිස් ප‍්‍රභේද කිහිපයක් ලංකාවේ වගා කරනු ලබයි. ගොවියාගෙන් අඩු මිලට ගම්මිරිස් මිලදි ගනු ලැබුවද දේශීය වෙළඳපොලේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1500 ඉක්මවයි. මිළ පහත වැටීමෙන් ගොවින් ගම්මිරිස් අස්වනු නෙළා අමුවෙන් විකිණීමට උනන්දුවක් දක්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වියළි ගම්මිරිස් වලට සහතික මිලක්
de silva Monday, 02 March 2020 06:45 AM
මේක විවෘත්ත ආර්ථිකයක් තිබෙන රටක්... රජය ගම්මිරිස් ගොවියන්, වී ගොවියන් පමණක් ආරක්ෂා කළාම හරියනවද? පාරිභෝගික අපිටත් ඡන්දෙ තිබෙන බව කරුණාකර හිතට ගන්න...