(බිඟුන් මේනක ගමගේ)
ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.ෆේස් බුක් හා ගූගල් වෙබ් අඩවි ව්‍යාපාරකරණයට යොදාගැනීම ගැන මෙම පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කර ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලය හා ඒකාබද්ධව ව්‍යවසායකයන් 253 දෙනකුට මෙම පුහුණුව ලබාදෙන අතර මධ්‍යම හා බස්නාහිර පළාත් ඉලක්ක කරගෙන එය ක්‍රියාවට නැංවේ.
බිම් මට්ටමින් වඩාත් පුළුල් ලෙස ව්‍යවසාය ප්‍රජාවට දැනුම බෙදා දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් 30 දෙනකු ද මෙම පිරිසට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd